Author: VNews

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියකට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. මෙහිදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීමට සැලසුම් කිරීම හා අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු කොටුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදු කළ ප`ශ්න කිරීම් වලදී වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු ඉහළ බෝහිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 30 සහ 34 යන වයස් වල පසුවන කොටුවිල, නවගමුව සහ ඉහළ බෝමිරිය යන පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද…

තව කියවන්​න

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලෝක ශූර එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි. බෙන් ඩකට් ලකුණු 28 ක් ද, පිල් සෝල්ට් ලකුණු 25 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 12 කට කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට…

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…

තව කියවන්​න

චීනයේ ප්‍රධානම සමාගම් දෙකක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල මෙරට තුළ සංචාරයක නිරත වෙමින් සිටිනවා. සිනෝපෙක් සමාගම පෙට්‍රෝලියම් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන සමාගමක් වන අතර, චයිනා මර්චන්ට් සමාගම වරාය හා කාර්මික් උද්‍යාන ක්ෂේත්‍ර යේ ප්‍රධාන සමාගමක් වනවා. ශ්‍රී ලංකාව තුළ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීම සදහායි ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට සිනෝපෙක් සමාගම අවධානය යොමුකර තිබෙනවා. සිනෝපෙක් සමාගම ලෝකයේ ඉහළින්ම සිටින සමාගම් 500 අතර පස්වැනි ස්ථානයට පත්ව තිබෙන අතර, චයිනා මර්චන්ට් සමාගම එම ලැයිස්තුවේ 152…

තව කියවන්​න

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 30දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සරණාගතයන් 47දෙනෙකු සිටු ඇති අතර, ඉන් 17දෙනෙකු ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ. මෙම සරණාගතයන් ලිබියාවේ සිට ගමන් ආරම්භ කර ඇති අතර, අයහපත් කාළගුණය හේතුවෙන් ලිබියාවට උතුරින් මධ්‍යධරණී මුහුදේදී මෙම අනතුර සිදුව තිබෙනවා. ගුවන් සහය ඇතිව මෙම පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය සදහා වන තරගය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙනවා. වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙනුයි මෙලෙස තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වී ඇත්තේ. තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් හිමිව ඇති අතර, ඔවුන් ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටියා. ඒ අනුව නවසීලන්තයට තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 257 ක් අද දිනයේ දී ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් අද දිනයේ දී කඩුලු 9ක් දවා ගත යුතුයි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා…

තව කියවන්​න

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වන විට පාඩු මට්ටමේ පවත්වාගෙන යන බවයි. එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය ගැන මේ වන විට සාකච්ඡා කරගෙන යන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2013 වර්ෂයේදී විවෘත කරනු ලැබූවා.

තව කියවන්​න

අද දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව ලිඛිතව මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි ටිරාන් අලස් මහතා සඳහන් කළේ. නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ කැඳවීම සිදුකර නොමැති බැවින් කොමිසම හමුවේ පෙනී නොසිටීමට ඔහු තීරණය කර තිබේනවා. පසුගියදා කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට පැවැති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාකළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා . උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කර තිබූ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට අද දිනයේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට මහජන ආරක්ෂක…

තව කියවන්​න

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ. අද දිනයේ විසඳුමක් නොලැබුහොත් හෙට දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් හෙට දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් ලබන 15 වනදා පෙරවරුවේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තැපැල් සේවකයන් තීරණය කර…

තව කියවන්​න

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා රැගෙන ඒම සඳහා පොලිස් නිළධාරීන් සිව්දෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපළෙන් මැඩගස්කරය බලා පිටත්ව ගියා. හරක් කටා සහ කුඩු සළිදු දිවයිනට රැගෙන ඒමේදී මැඩගස්කරයේ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණීමට නියමිතයි. සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයක් පසුගිය 07 වනදා පළමුව වාර්තා කර තිබුණා. අත්අඩංගුවට ගත් පිරිස අතර හරක් කටාගේ බිරිඳ යැයි පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් ද සිටින බව විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබුණා. එම වාර්තාවල…

තව කියවන්​න