Author: VNews

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද ප්‍රධාන පාලක මැදිරිය පවසනවා. ඒ අනුව කොළඹ පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව වර්තා වනවා . මේ අතර පීලිපැනීමට ලක්වු යාල්දේවි දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.

තව කියවන්​න

අප්‍රේල් මාසයේදී සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් දීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පවත්වා තිබුණා. එහිදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ.

තව කියවන්​න

දේශපාලනයට පැමිණෙන සෑම පුද්ගලයෙකුගෙන්ම පොලිස් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා. දූෂිත පාලකයින්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමේදී ජනතාව විසින් ලබා දෙනු ලබන ඡන්දය නිවැරදිව භාවිත කළ යුතු බවටයි උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ.

තව කියවන්​න

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා අද පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගි වී තිබෙනවා. ඒ ලන්ඩන් නුවර මාල්බරෝ හවුස් හි පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී. සාමාජික රටවල් එක්සත් කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10 ක් පිරීමේ සංවත්සර සැමරුම අද එහිදි ආරම්භ වුණා. මේ අනුව අලී සබ්‍රි මහතා පොදු රාජ්‍ය මණ්ඩලිය සංවර්ධන කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරයා ද හමු වීමට නියමිතව ඇති බවද සදහන්. එමෙන්ම රුවන්ඩාව, කෙන්යාව, පාකිස්ථානය සහ මලයාසියාව යන රටවල්වල විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

තව කියවන්​න

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද දින කැඳවනු ලැබුවා . එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කළා . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් එම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා . විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක…

තව කියවන්​න

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රගහලේදී 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වී තිබෙනවා. මෙවර සම්මාන උලෙළේදී වසර 62 කට පසු රතු පලස භාවිත නොවීම විශේෂත්වයක්. ඔස්කාර් සංවිධායකයින් පෙන්වා දෙන්නේ රතු පලස වෙනුවට මෙවර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් භාවිතා කරන බවයි. මෙවර සම්මාන උළෙලේ හොදම සහය නලුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ “ එව්රිතින්ග් එව්රිවේයාර් ඕල් ඇට් වන්ස් ” චිත්‍රපටයෙහි රංගන දායක වූ කිවි ක්වාන්ට්ටයි. එමෙන්ම එම චිත්‍රපටයේම රංගනය වෙනුවෙන් ජේමි ලී කාර්ටස් හොදම සහය නිලියට හිමි සම්මානය ද දිනා ගනු ලැබුවා. එම සම්මානය සදහා ඇය නිර්දේශ වූ පළමු අවස්ථාවේදීම සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයක්. මෙවර සම්මාන උළෙලේදී හොදම වාර්තා…

තව කියවන්​න

වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්. බැංකු පොලී අනුපාත පහළ දැමීම මෙන්ම වැටුප් හා දිමනා ගැටලු විසදා ගැනීම එම ඉල්ලීම් අතරට ඇතුලත් වනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සේවා, ජල සම්පාදන, විදුලිබල, හෙද, ගුරු සේවා, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් ඊට එක් වී ඇති බව සදහන්. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශයක චමිල් විජේසිංහ මහතා කියා සිටියේ බස්නාහිර පළාත ඇතු`ඵ පළාත් 4ක් කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරු 8 සිට මෙම…

තව කියවන්​න

ලාදුරු රෝගීන් හදුනාගැනීම සදහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරිම ආරම්භ කළ බව ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව දින 3ක් තුළ කරන ලද පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගින් දෙදෙනෙකු සොයාගත් බවටයි ඔහු පැවසුවේ. පසුගිය වසරේ මෙරටින් හදුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 කට අධික බවද සදහන්. එම පිරිසගෙන් 246 දෙනෙකුම හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

තව කියවන්​න

සෞදි අරාබි රජයට අයත් සෞදි ඇරම්කෝ ඉන්ධන සමාගම පසුගිය වසරේ ඩොලර් බිලියන 161ක ලාභයක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියානු – යුක්රේන ගැටුම් ඇතිවීමත් සමග ඉන්ධන මිල ඉහළයාමෙන් පසු වාර්තාගත ලාභයක් ඉපයු නවතම බලශක්ති සමාගම එය බවයි එම වාර්තා වල සදහන් වන්නේ. මෙම සෞදි ඇරම්කෝ ඉන්ධන සමාගම 2021 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 110ක ලාභයක් උපයා තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය සදහා වන තරගය අද පැවැත්වෙනවා. ඊයේ දිනයට තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම සදහා පන්දුවාර 06ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 06ක් රැස්කරගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 480ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දියාව සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 571ක්. ඒ අනුව ඕස්ට්‍රේලියාව මේ වන විට ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 88ක් පිටුපසින් පසුවනවා.

තව කියවන්​න