- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: VNews
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙම අවස්ථාවේ ආනයනකරුවන්ට අවාසියක් සිදු වුවද එහි වාසිය මහජනතාවට ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළා. මේ අතර වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල බිත්තර හිඟයක් පවතින බව අප වාර්තාකරු සදහන් කළා. ප්‍රධාන නගරවල වෙළදුන් බිත්තර වෙළදාමෙන් ඉවත් වීම හේතුවෙන් මෙම හ`ිගය ඇති වී තිබෙනවා. එමෙන්ම එළව`ඵ තොග මිල අඩු වුවද පාරිභෝගිකයින්ට අඩු මිලට එළව`ඵ අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ වෙළදුන් පවසනවා. එළව`ඵ ප්‍රවාහනය කිරීම සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් අඩු මිලට…
පළාත් පාලන ආයතනවල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් භාවිත කරන සියලු රාජ්‍ය දේපොළ 19 වැනි දාට පෙර අදාළ ආයතන වෙත භාරදෙන ලෙස පළාත් පාලන අමාත්‍යාංශය විසින් මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා. 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් පසු පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු එහි පාලන කටයුතු නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පැවරෙන අතර, ඒ හේතුවෙනුයි මෙම දැනුම්…
මලාවි රාජ්‍යයට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. මෙම සුළි කුණාටුවෙන් පුද්ගලයන් 140ට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. එරට රජය විසින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු සිදු කරන අතර, ජනතාවට උදව් උපකාර කිරීමට දේශීය සහ ජාත්‍යන්තර සහය ඉල්ලමින් මලාවි රාජ්‍ය ආයාචනයක් ද සිදු කර තිබෙනවා.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත තඹපැහැති හිඳි පිළිමයක් සමග පුද්ගලයන් තිදෙනෙකු බිබිල, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙලෙස මෙම හිඳි පිළිමය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරුවන් අවුරුදු 22, 36 සහ 56 යන වයස්වල පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු 20යි 20 තරග දෙක ජයගත් බංග්ගාදේශය මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙනවා.
තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව ඊයේ දිනයේ සිට තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ක්‍රියාත්මක වනවා. මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් මෙන්ම ඉන්ධන සැපයීම සහ විදුලි සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබුණා.
තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා . වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙම සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමටත් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අද දිනය තුළ දේශපාලනික පිළිතුරක් ලබාදෙනු ඇති බවටත් අදාළ සාකච්ඡාවට එක්වූ නිලධාරීන් විසින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවට පොරොන්දු වී තිබෙනවා. ඒ සදහා සහභාගී වුනේ ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්.…
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජය කින් තොරව නිමාවට පත් වුණා . කෙසේ වෙතත් දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගැනීමට සමත් වුනේ ඉන්දියාවයි . තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියා . මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ටේලියානු කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි . ඒ අනුව ඔවුන් පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 480 ක් රැස් කළා . එයට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත් ලකුණු…
ඉදිරි මැතිවරණයක දී රටට නායකත්වය ලබාදීමට සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ සදහන් කලේ විවිධ නම් වලින් පැමිණෙන දේශපාලකයින් සියල්ලම එක සමාන බවයි . මේ අතර ඊයේ දිනයේදීත් පලාත්පාලන මැතිවරණය පිලිබදව දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා. මේ එලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, විපක්ෂ නායක / සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ,ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් .
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියරෙහි නිවසක් ඉදිරිකිරීමේ පිරිවැය තුන් ගුණයකින් ඉහළ දැමීමට හැකිවී තිබෙනවා . ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් . මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වල දිස්ත්‍රික්ක 7ක් පුරා විහිදී ඇති ශ්‍රී ලංකාවේ වතුකරයේ ඉන්දීය ආධාර හරහා නිවාස 4,000ක් ඉදිකරමින් පවතිනවා . මෙම තීරණයත් සමඟ එම නිවාස කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති . මෙම ව්‍යාපෘතියේ පළමු සහ දෙවැනි අදියර යටතේ නිවාස 46,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදි කරනු ලැබුවා. නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ නිවාස 10,000 ක් ඉදිකිරීමේ මීළඟ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222