Author: VNews

මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගිය බිළිඳාගේ පියා සහ මව, ලබන 17 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය 11 වනදා කොළඹ, කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිත ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් තිබිය දී යි මෙම බිළිඳා සොයා ගැනුනා. අත් අඩංගුවට ගත් බිළිඳාගේ මව 25 හැවිරිදි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, පියා කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔවුන් අවිවාහක බව ද පසු ව අනාවරණය වුණා.

තව කියවන්​න

බාලි දුපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරැපැදි ධාවනය තහනම් කිරීමට ඉන්දුනීසියාවේ අවධානය යොමුවී තිබෙනවා. යතුරැ පැදි ධාවනයේදී විදෙස් සංචාරකයින් මාර්ග නීති උල්ලංගනය කිරීම හේතුවෙනුයි මෙම තීරණය ගැනීමට නියමිතව ඇත්තේ. ධාවන බලපත් නොමැතිව බාලි දුපත තුළ විදේශිකයින් යතුරැ පැදි ධාවනය කිරීම ද මෙයට හේතු වී තිබෙනවා. කෙසේවුවද ප්‍රවාහන පහසුකම් සපයන ආයතන ලබාදෙන මෝටර් රථ බාලි දුපත තුල ධාවනය කිරීමට විදේශ සංචාරකයින්ට තහනමක් පනවා නැහැ.

තව කියවන්​න

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් ලැබී තිබෙනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා. මැලේසියාව අනුමත කළ රැකියා කෝටාවට අමරතව ආරක්ෂක අංශය සදහා තවත් රැකියා දහසක් ලැබී ඇති බව ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළා.

තව කියවන්​න

කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ සදහා විකල්ප යෝජනා ලබා ගැනීම සදහා පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙසයි මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුනේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි.

තව කියවන්​න

සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහරින බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය පවසන්නේ මේ වන විටත් පෙට්්‍රල් සහ ඩීසල් ලීටර් 6600ක ධාරිතාවයකින් යුතු බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මේ බව තහවුරු කළ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ට ද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් හා අදාල ආයතනවල සහය නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට හැකියාවක් නැතැයි ද ඔහු සදහන් කළා. මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් නිමල් පුංචිහේවා මහතා පැවසුවා. මේ අතර මහනුවරදි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න

මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය ගැන තීරණයක් ගැනිමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා. ඡන්ද පත්‍රිකා සහ සහ මැතිවරණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් තැපැල් ඡන්දය පමණක් නොව අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමද තවදුරටත් කල්දැමිමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28, 29, 30 සහ 31 යන සිව් දිනයෙහි පැවැත්වීමටයි මැතිවරණ කොමිසන් සභාව සැලසුම් කර තිබෙන්නේ. මාර්තු මස 21 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි. මේ…

තව කියවන්​න

සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා. එමෙන්ම අතීතයේ මෙන් වර්තමානයේදීත් වර්ජනයට සහාය දක්වන බවයි ඔහු පැවසුවේ. වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශාන් විජේලාල් ද සිල්වා මහතා මේ බව පැවසුවා. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ ජනතාවගේ පිඩාවන්ට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ වී ඇති බවයි.

තව කියවන්​න

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ පිලිබඳ සඳහන් කළා. මොහුට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශ්‍රාමලත් අධිකරණ නිලධාරීයාගේ පරීක්ෂණ වාර්තාවට අනුවයි ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

තව කියවන්​න

මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන විත් තිබෙනවා. මැඩගස්කරයේ දී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් මොවුන් දෙදෙනා අද පෙරවරු 7.20 පමණ මෙරටට රැගෙන ආ බවයි ගුවන්තොටු අප වාර්තාකරු කියා සිටියේ. මෙම අපරාධ කල්ලි නායකයින් දෙදෙනා රැගෙන මැඩගස්කර් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබුණා. එම නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ ලිඛිතව නිල වශයෙන් මොවුන් භාර දීම සිදු කර තිබෙන බව සදහන්. මොවුන් භාර ගැනීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් පිරිසක් පැමිණ සිටියා. එමෙන්ම ඒ අවට ප්‍රදේශයේ සහ…

තව කියවන්​න