Author: VNews

2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා . ඉන් පැමිණිලි 28ක් ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා . මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දැකිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්. ඒ. එල් රත්නායක මහතා පවසා සිටියා . එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව පොලිසිය වෙත පැමිණිලි 350ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ද ප්‍රකාශ කළේ.

තව කියවන්​න

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබා ගෙන , ඔවුන්   කටුනායක ගුවන් තොටුපොළ 09/13 දින අලුයම  වෙත ගෙන්වා , එහි අතරමං කර පළා යාමට තැත් කළ විදේශ රැකියා නියෝජිතවරියක් අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .                ඇය හලාවත , කලුගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි .             ඇය සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා 09/13 දින  යවන බවට , එම තරුණයන් දැනුවත් කර තිබූ අතර , ඒ අනුව මෙම ඇතැම්  තරුණයන් අලුයම 03.00 පමණ සිට…

තව කියවන්​න

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු ( Gold Power ) තොගයක් නීතිවිරෝධී ලෙස  සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .  මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ , එතැන් සිට  09/13 දින පස්වරු 12.10 ට  ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .  මොහු හැද සිටි කළිසමේ බැද තිබූ ඉන පටිය තුළ පැකට් ලෙස සකස් කර සගවා ගෙන මෙම රත්තරන් කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම්…

තව කියවන්​න

දීර්ඝ සති අන්තයේදී මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඊයේ සිට අතිරේක බස් රථ 60ක් පමණ යොදවා ඇති බවයි. එමෙන්ම කාල සටහනකින් තොරව අතිරේක බස්රථ ධාවනයට එක්කර ඇති බව ද ගමනාගමන මණ්ඩලය නිවේදනය කළා. මේ අතර අද උදෑසන බදුල්ල – කොළඹ විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත යොමු කර තිබුණා. 2024 – 2025 වාරය සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධුරයට කෞෂල්‍ය නවරත්න මහතා නිතරගයෙන් තේරී පත්වුණේ පසුගිය ජනවාරි මාසයේදීයි. කෙසේවෙතත් ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට නීතීඥ සංගමයේ කවුන්සිලය දැනුම් දී තිබුණා.

තව කියවන්​න

ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය සිදුකිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර හිමිවනු ඇති. වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිටයි. ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද සමග 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබුණා.

තව කියවන්​න

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 80ක් බෙදා හැර අවසන් බවයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ලබා ගත හැකි බවයි රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුලු ප්‍රතිසංස්කරණ රැසක් සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය නව කොමිෂන් 6ක් පත්කර තිබෙනවා. අධිකරණය, මැතිවරණ ක්‍රමය, පරිපාලනය, පොලීසිය, දූෂණ මර්දන කොමිසම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිස්ංසකරණය කිරිම සඳහායි මෙලෙස කොමිෂන් 6ක් පත්කර ඇත්තේ. එම නව කොමිෂන් 6 සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා. ප්‍රතිසංස්කරණයන්හි අරමුණ වන්නේ මහජන අයිතිය, වගවීම හා සුබසාධනය මත පදනම් වු රාජ්‍ය පද්ධතියක් ඇති කිරීම බවයි ඔහු මෙහිදි සඳහන් කළේ.

තව කියවන්​න

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. ඒ තත්පර 40. 28කින් එම ඉසව්ව නිම කරමින්. එමෙන්ම පිරිමි මීටර හාරසිය හතර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ අතර මෙම තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ද රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. එම තරගයේදී හසිත දිසානායක රන් පදක්කමක් දිනා ගත් අතර එහි රිදී පදක්කම සෙනුර හසන්ක දිනා ගනු ලැබුවා.

තව කියවන්​න

ලබන නොවැම්බර් 10 වනදා අමෙරිකාවේ කැලිෆා්නියා හි පැවැත්වෙන ලෝක කුසලාන කැරම් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. ඒ, ඊට සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටදෙනාගෙන් හයදෙනෙකුගේම වීසා ප්‍රතික්ෂේප වීම හේතුවෙන්. 2018 වසරේ පැවති අවසන් කැරම් ලෝක ශූරතාවයේදී ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම එහි ශූරයින් වූ අතර, කාන්තා කණ්ඩායම අනුශූරියන් බවට පත්වුණා.

තව කියවන්​න