- එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්-මහ බැංකුව
- මත්ස්‍ය අපනයනය සුරක්ෂිත කරන අවබෝධතා ගිවිසුමක්
- පළමු ශේණියේ සහ 06 ශේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය ආරම්භ කරයි
- ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් -හරිනි අමරසූරිය
- ජනාධිපති අනුර එක්සත් ජනපද ජනාදිපති විශේෂ නියෝජිත අතර හමුවක්
- කුෂ් තොගයක් සමග විදේශිකයෙකු කොටුවෙයි !
- කාලෙකින් හඳට යන්න නාසා ලෑස්තිවෙයි !
- විශ්‍රාමික රණවිරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් – VIDEO –
Author: VNews
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගය අද රාත්‍රි 7 යි 30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කළා. ඒ අනුව ගුජරාට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ රැදී සිටිනවා. මේ අතර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 12 කින් ජය ගන්නට චෙන්නායි සුපර් කින්ග්ස්…
එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි. මීට පෙර සැලසුම් කළ ලෙස වැඩිවන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇණවුම් කර ඇති බැවින් මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියා. මේ අතර විශේෂ ත්‍රිරෝද රථ සදහා ලබා දෙන ලද ලීටර් 10 ක ඉන්ධන කෝටාව ලීටර් 15 දක්වාද, සාමාන්‍ය ත්‍රීරෝද රථ සදහා ලබාදෙන ලීටර් 5 ක ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ද,…
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අද සිට මේ මස 17 වනදා දක්වා එම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ලට සහ බදුල්ලේ සිට කොළඹ කොටුවට මෙන්ම කොළඹ – කොටුව සිට ගාල්ල, මරදාන සිට බෙලිඅත්ත සහ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එම දිනවලදී ධාවනය කෙරෙනු ඇති.
යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ආහාර සලාක පැකට් විදේශ හමුදා සේවා සඳහා හඳුන්වා දීමට සූදානම් බව යුධ හමුදාව පවසනවා. මෙම ආහාර පැකට් නිෂ්පාදන ක්‍රියාවලිය කෘෂිකාර්මික සහ අනෙකුත් විශේෂඥයින් විසින් නව තාක්ෂණය භාවිත කරමින් නිරීක්ෂණය කරනු ලබන බවයි ඔවුන් පවසන්නේ. මීට පෙර මෙම පැකට්ටු ආනයනය කර ඇත්තේ මැලේසියාවෙන් වන නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මුදල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් බැහැරට යාම වැළකී ඇති බව ද සඳහන් වනවා.
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා . දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව කියා සිටියා. ඒ අනුව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බව සදහන්. මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත් සඳහා බඳවා ගැනීම සිදු කිරීමට අනුමැතිය හිමිව නොමැති බවද දැනුම් දී…
අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තෙක් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා, හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ. පෙත්සමෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශව…
ෆින්ලන්තය අද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ නේටෝ සංවිධානයේ 31 වන සාමාජිකයා ලෙසයි. රුසියාවේ දැඩි විරෝධය මධ්‍යයේ නේටෝ සංවිධානය ෆින්ලන්තයට සාමාජිකත්වය ලබා දීම විශේෂත්වයක්. ෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රතිචාරයක් ලෙස රුසියාව තම දේශසීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. ලොව විශාලතම හමුදා එකමුතුව ලෙසයි නේටෝ සංවිධානය සැලකෙන්නේ.
ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙනවා. ලාෆ්ස් ගෑස් ආයතනය සදහන් කළේ කිලෝ 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අද රාත්‍රියේ සිට රුපියල් 1290 ක මුදලකින් අඩු කරනු ඇති බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 3 990 ක් වනු ඇති. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516 ක මුදලකින් අඩු කෙරෙනු ඇති බවද සදහන්. මේ අතර ලිට්රෝ ගෑස් මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගනු ලැබුවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් එක් දහස් පහකින් අඩු කර තිබෙනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක් රුපියල්…
ට්විටර් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබෙනවා . ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංකේතයට අනුව යමින් . විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව පියවරත් සමඟ වෙළෙඳපොළ ක්‍රිප්ටෝ මුදලේ වටිනාකම ද ඉහළ ගොස් ඇති බවයි.
යළ කන්නයේ වී වගාව සඳහා පොහොර සපයා ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් උපරිම ලෙස හෙක්ටයාර දෙකක් සඳහා මූල්‍ය සහනාධාරයක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222