- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
පසුගිය වසරේ ජූනි දහඅට වනදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමට ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිව තිබෙනවා. දින පහක මෙහෙයුමක් අවසන් කරමින් කැනේඩියානු සෙවුම් යාත්‍රාවක් යොදවා රොබෝ යන්ත්‍රයක් මගින් උතුරු අත්ලාන්තික් සාගර පතුලේ තිබූ මෙම සුන්බුන් සොයාගනු ලැබුවා. මෙම සුන්බුන් මඟින් සාමාජිකයින් පස් දෙනාගේම මරණය පිළිබඳ අවසන් සාක්ෂිය ලබාදෙන බවයි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.
නව පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබෙනවා. ඔවුන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ. මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර තිබෙනවා. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09…
ආරථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත් ඵලදායිතා වර්ධනයත් අත්පත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් මේ බව සඳහන් කර තිබෙනවා.
ඉකුත් පාලන සමයේ ඊ – විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන්ගේ ඥාතින් පවසන්නේ දින හතරක සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් නොමැති බවයි. මිහින්දි නැමැති ධීවර යාත්‍රාවෙන් පසුගිය 21 වනදා මෙම ධීවරයින් පිරිස මුහුදුගොස් තිබුණා. අදාළ ධීවර යාත්‍රාව පිළිබද සොයා බලන ලෙස නාවික හමුදාව ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා
ලෝකයේ දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඒ අනුව දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට දුර නොපෙනෙන බවයි වාර්තා වන්නේ. ලෝකයේ දරුවන්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව අදාළ වාර්තාව මගින් නිගමනය කර තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් වුණා. මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙසයි වාර්තා වන්නේ.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයක් අත්පත් කරගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක පසුරා ගැනීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, තිරසාර පාර්ශවකරුවෙකු ලෙස තවදුරටත් සහය ලබා දෙන බව ද ක්‍රිස්යටලීනා ජෝර්ජියේවා මහත්මිය සිය නිවේදනයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
මස්කෙළිය නඟරයේ 08 වන වීදියේ ප්‍රධාන මාර්ගයේ වැටී තිබී පාසල් සිසිුවියකට හමු වූ රුපියල් ලක්ෂයක් පමණ වටිණා රත්‍රන් තැල්ලක් හා මුදල් රුපියල් 3000/- ක පසුම්බිය එහි අයිතිකරුට මස්කෙළිය පොලීසියේදී (24) දා භාර දෙන ලදී. මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ වානිජ්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටින බාලක්‍රිෂ්ණන් අභිනයා නැමති මෙම සිසුවිය සුපුරුදු ලෙස (24) දා උදෑසන පාසලට පැමිණෙමින් සිටියදී මාර්ගයේ වැටී තිබූ මෙම මුදල් පසුම්බිය තුළ තිබූ රත්‍රන් තැල්ල හා මුදල් හමුවී ඇත. ඇය මෙම පසුම්බිය මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ මහා විද්‍යාලය අසල ප්‍රධාන මාර්ගයේ උදෑසන රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි මස්කෙළිය පොලීසියේ පොලිස් කොස්තාපල් ජී.විග්නේෂ්වරන් (90147) මහතාට දී…
කාර්මික දෝශයක් හේතුවෙන් යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ පුද්ගලයින් පස්දෙනෙකු (05) රැගත් ඉන්දීය ධීවර යාත්‍රාවක් 2024 සැප්තැම්බර් මස 22 වන දින පරීක්‍ෂා කර, එම කාර්මික දෝශය යථාතත්වයට පත්කර මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට 2024 සැප්තැම්බර් මස 23 වන දින පිටත් කර හැරීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි. ඒ අනුව, 2024 සැප්තැම්බර් මස 22 වන දින යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මෙරට මුහුදු සීමාවට ගසාගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කෙරිණි. එම විධානයට අනුයුක්ත වෙරළ අරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා එම ධීවර යාත්‍රාවේ සිදුකළ පරික්‍ෂාවේදී, ඉන්දීයාවේ කන්‍යාකුමාරි ප්‍රදේශයෙන් මිලදී ගත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222