- ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
- ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
- ජනපති අද මහා මණ්ඩලය අමතයි
- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
- රජයෙන් සුපර් ඇප් එකක්
- අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
Author: VNews
ප්‍රමිතියෙන් තොර ආහාර පාන අලෙවි කළ ආපන ශාලා 2103කට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පසුගිය සතිය වන විට ආපනශාලා 19 107ක පරීක්ෂා කිරීම් සිදුකළ බවයි. මේ අතර ප්‍රමිතියෙන් තොර මිනුම් උපකරණ පවත්වාගෙන ගිය වෙළදුන් 500කට එරෙහිව නඩු පවරන බව මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා. චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ. මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.…
සීදුව – රාජපක්ෂපුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ පරික්ෂණවල දී අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මේ අතර කහටගස්දිගිලිය නෙකුටවැව ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවකු මිය ගොස් තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි සිසුවෙක් . තවත් ළමුන් පිරිසක් සමග සිය නිවස ආසන්නයේ අවුරුදු ක්‍රීඩා කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තාවන්නේ. අනතුර…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේ අතිරේක බස් රථ 300ක් ධාවනයට එක්කර ඇති බවයි. එමෙන්ම දුර ගමන් සේවා බස් රථ අද වැඩි වශයෙන් ධාවනය කෙරෙන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළා. මාර්ග අංක120 කැස්බෑව – පිටකොටුව පුද්ගලික බස් රථ අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනනවා. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් නව බස් රථයකට බලපත්‍රයක් නිකුත් කිරීමට එරෙහිවයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවගේ පවතින සුදානම පිළිබද අප සොයා බැලීමක්…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරීම නවතා දැමීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු තාවකාලිකව නවතා දැමු බවයි මුද්‍රණාලය සදහන් කළේ. කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි මුද්‍රණය කර අවසන් කර තිබෙනවා. ඒ සදහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට මෙතෙක් මුදල් ලබා දී නොමැති බවයි රජයේ මුද්‍රණාලය සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට යැවීම පිළිබද පරිසරවේදීන් විරෝධය පල කරනවා . පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා සදහන් කලේ මෙරට සිටින රිලවුන් ලක්ෂයක් කුමක් සදහා චීනය පිටත් කර හරින්නේද යන්න සමබන්ධයෙන් ගැටළුවක් බවයි . අද මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා . මේ අතර රිලවුන්ගෙන් සිදු වන වගා හානි සඳහා පිළියම් යෙදීමට හා උන්ගේ ගහනය පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට පිටත් කොට හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය ඊයේ තීරණය කර තිබුනා. තම රටට එම සතුන් ලබා දෙන්නැයි චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ඇමැතිවරයා එම තීරණය ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයෙන්…
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා . නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. ලබන 31 වැනි දා දක්වා දීපව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මකයි . 1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා .
ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු ගුවන් හමුදාව අතර ද්විපාර්ශ්වික ගුවන් අභ්‍යාසයක් මේ දිනවල පැවැත්වෙනවා. එය හැඳින්වෙන්නේඑක්ස-සයිස් කෝප් ඉන්දියා 23 ලෙසයි. අර්ජාන් සින්, කලයිකුන්ඩා සහ අග්‍රා යන ගුවන් හමුදා කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම ඒකාබද්ධ අභ්‍යාසය ක්‍රියාත්මක බවයි ඉන්දීය ගුවන් හමුදාව පැවසුවේ. ඉන්දු – අමෙරිකානු ගුවන් හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණය හුවමාරු කර ගැනීම මෙහි මූලික අපේක්ෂාවක්. ඒ අනුව ඉන්දීය ගුවන් හමුදාව සහ අමෙරිකානු ගුවන් හමුදාව සතු අතිනවීන ප්‍රහාරක ගුවන් යානා මෙම අභ්‍යාස මාලව සඳහා එක් කර ඇතැයි ද සඳහන්. මේ සඳහා මෙම ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බළකායේ ගුවන් කාර්ය මණ්ඩලය ද සහභාගී වන බවයි වාර්තා වන්නේ.
මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් අතුරුදන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබේනවා. ඒ කොටුව පොලිසියට මහ බැංකු නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ තිබී රුපියල් ලක්ෂ 50 ක මුදල පිළිබඳ කොටුව පොලීසියට ලද පැමිණිල්ල විමර්ශනයට අද පෙරවරුවේ කොටුව පොලිසිය මහ බැංකුව වෙත ගොස් තිබෙනවා. කොටුව පොලිසිය සඳහන් කළේ, එහිදී ඊට අදාළව කිහිප දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා . මෙම ඉල්ලීම අනූව මෙරට රටේ රිළවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුනා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් සහභාගි වුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222