Author: VNews

ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළේදී පසුගිය 15 වැනිදා කාර්මික දෝශයකට ලක්වී තිබූ ශ්‍රීලංකන් ගුවන් යානය අද උදෑසන 7.40ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා . යානය තුළ සිටින මගීන් සංඛ්‍යාව 218ක් වන අතර කාර්ය මණ්ඩලය සමාජිකයින් සංඛ්‍යාව 17 බව සදහන් . ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන ගුවන් යානය පසුගිය 15 වැනිදා රාත්‍රී 10.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණා . එහි හටගත් කාර්මික දෝශය හේතුවෙන් ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පසුගිය 15 දින රාත්‍රීයේ දී ඕස්ට්‍රේලියාව වෙත පිටත්ව ගියා . අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව ගුවන් යානය අද…

තව කියවන්​න

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සුළු පරිමාණ වෙළඳුන්හට මග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට රජය විසින් ලබා දුන් අවසරය ලබන 19වන බදාදයින් අවසන් වනවා. උත්සව සමයේ දී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග දෙපස නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සුළු පරිමාණ වෙළඳුන්හට තාවකාලිකව අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය පසුගියදා හිමිවුණා. ඒ අනුව මාර්ග ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථීර ඉදිකිරීම් සිදුනොකර සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නිෂ්පාදකයින්ට අවසර දෙනු ලැබුවා. එම අවසරය ලබන බදාදායින් පසු අවසන් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

තව කියවන්​න

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සදහා විශේෂ බස් රථ සේවා අද දිනයේද ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ එම විශේෂ බස් රථ සේවා හෙට දිනයේද ක්‍රියාත්මක බවයි. මේ අතර අද දිනයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලය සමාන්‍ය පරිදි මගී බස් රථ ධාවනයද ආරම්භ කරන බවයි ඒ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 10.00ට අද තරඟයේ දී ආරම්භක පිතිකරු ලෙස නිශාන් මධුෂ්ක පිටියර පිවිසීමට නියමිත අතර කඩුළු රකින්නා ලෙස සධීර සමරවික්‍රම කටයුතු කරනු ලබනවා මෙම තරඟය මෙන්ම 24 වනදා ඇරඹෙන දෙවන තරඟය ද ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නැරඹිය හැකියි ගාල්ල ක්‍රීඩාංගනයේ අංක 4 ගේට්ටුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ

තව කියවන්​න

අද දිනයේ මෙරටට රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා . මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර මිලියන 4ක් පමණ මෙරටට ගෙන්වා තිබෙනවා . එමෙන්ම තවත් බිත්තර මිලියන දෙකක් එළඹෙන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව සදහන්

තව කියවන්​න

අද දිනයේ මෙරටට රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා . මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර මිලියන 4ක් පමණ මෙරටට ගෙන්වා තිබෙනවා . එමෙන්ම තවත් බිත්තර මිලියන දෙකක් එළඹෙන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව සදහන්

තව කියවන්​න

උත්සව සමයෙන් පසු දින කිහිපයේ දී ද පොලිසිය සහ බුද්ධි නිලධාරීන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. අධිවේගී මාර්ගවල ධාවනය කරන රථවාහන රියදුරන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා ඉල්ලීමක් සිදුකළා. එහිදී ඔහු කියා සිටියේ වාහන අධිවේගී මාර්ගයේ නවතා ආහාර ගැනීමෙන් වළකින ලෙසයි. අප්‍රේල් පළමු වැනිදා සිටි 12 වැනිදා දක්වා සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා . පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි . අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීමද මෙය වනවා . ඒ අනුව මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවද සදහන් . මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙනු ඇති . එදිනට ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා . ඒ අනුව අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන් . කෙසේවෙතත් 20වනදා පැවැත්වෙන…

තව කියවන්​න

2018 වසරේ සිට මේ දක්වා කැස්බෑ පැටවුන් 15,019 දෙනෙකු සාගරයට මුදාහැර ඇති බව නාවික හමුදාව පවසනවා. එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මෙලෙස කැස්බෑ පැටවුන් සාගරයට මුදාහැර ඇති බවයි. පසුගිය 11 වැනිදා ද කැස්බෑ පැටවුන් 97 දෙනෙකු සාගරයට මුදාහළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා. වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස සැළකෙන කැස්බෑවන් සංරක්ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරිම සඳහායි මෙම වැඩසටහන නාවික හමුදාව ආරම්භ කර ඇත්තේ.

තව කියවන්​න

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිළිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාමත්ක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් බලාත්මක කර තිබෙනවා. එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම,පිළිබදව අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. අදාළ කාලසීමාව තුළ උෂ්ණත්වයට නිරාවරණය වී සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකියි. එළිමහනේ සිටින විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකි සෑම විටම සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා. කුඩා ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින්, මේ පිළිබඳ වැඩි වශයෙන් අවදානය…

තව කියවන්​න