- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
- පිලිපීනයට දරුණු සුළි කුණාටු අවදානමක්
- සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි
- සජින් වාස්ගේ නඩුවක් දෙසැම්බර්වලට කල් යයි
- විදුලිබල සේවකයෝ නව සමාගම් 4ට බැඳීමට කැමැත්ත පළකරයි
- බ්‍රිතාන්‍යයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම් !
- තංගල්ලේ නිවසකින් මළ සිරුරු දෙකක් – මියගිය ගණන 3 දක්වා ඉහළට
- සම්පත් මනම්පේරි සැඟවූ ආයුධ මිද්දෙනියෙන් හමු වෙයි
Author: VNews
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබද අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඉන්දියාව සමඟ ඇති සබඳතාව වඩාත් වැදගත් බව ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඔස්ට්‍රේලියානු සංචාරය ද අගය කරන බවයි ඔහු පවසා ඇත්තේ. ඒ ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් වෙමින් පවතින බව ද ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. ඉන්දියාව සමග පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. හින්දු ආගමික සිද්ධස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමදී ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ සිය රට බහු සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් බවයි. එහිදී ප්‍රචණ්ඩත්වයට කිසිඳු ඉඩක් නොමැති බව ද ඔහු පවසා තිබෙනවා.
ප්‍රංශ ජාතික දිනය වෙනුවෙන් එරට පැවැත්වෙන හමුදා පෙළපාලියට සහභාගී වීම සඳහා ප්‍රහාරක ගුවන් යානා ඇතුළු හමුදා කණ්ඩායමක් යැවීමට ඉන්දියාව සූදානම් වනවා. මෙවර ප්‍රංශ ජාතික දිනයේදී විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව සිටින්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. ඒ අනුව ඉන්දීය හමුදා කණ්ඩායක් ද ප්‍රංශ ජාතික දින උත්සවය වෙනුවෙන් සහභාගී වනු ඇති. මෙම සංචාරය ප්‍රංශය සහ ඉන්දියාව අතර පවතින උපායමාර්ගික හවුල්කාරිත්වයේ 25 වැනි සංවත්සරය ද සනිටුහන් කරමින් සිදුවන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැස්ටිල් දිනය ලෙස හැඳින්වෙන ප්‍රංශයේ ජාතික දිනය යෙදී තිබෙන්නේ ජූලි මස 14 වනදාටයි. 2016 වසරේ ඉන්දීය ජනරජ දින උත්සවය සඳහා ප්‍රංශයේ එවක ජනාධිපති ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ් සහභාගී වුණා. එම…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා. විදේශ රටවල විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර ඇති බව සඳහන් . ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි .…
පාර්ලිමේන්තුව විසුරුවා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මහනුවර දී මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී අලවතුවල මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැති බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවයි ජේ.සී අලවතුවල මහතා සදහන් කළේ. මේ අතර මීලග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුමින් උඩුකුඹුර මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ ඊයේ (26) පැවති දෙවන අවසන් පුර්ව වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 171ක් පමණයි. ඒ අනුව ගුජරාට් කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වන විටත් අවසාන මහතා මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන් අවස්ථා…
ටෝකියේ සහ නැගෙනහිර ජපානයේ ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ 06.1ක ප්‍රභලත්වයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම ප්‍රදේශයේ දුම්රිය සේවා තාවකාලිකව නතර කර ඇති අතර ටෝකියෝ වෙත ජාත්‍යන්තර දොරටුවක් වන නරීටා ගුවන්තොටුපලේ ධාවන පථය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ආයෝජන මණ්ඩලය ඒ සදහා අයෝජකයින් සොයමින් සිටින බවයි. එමෙන්ම මේ වසරේ මුල් කාර්තුවේදී මෙරටට ඩොලර් මිලියන 604ක විදේශ ආයෝජන ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා.
ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය. මෙම උත්සවයට සමගාමීව තේ වගා කරන දිස්ත්‍රික්ක 6 ක් සඳහාද මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදී. මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2021 හා 2022 වසර වල ජාතික අපනයන ආදායමට වැඩිම දායකත්වයක් වැවැලි ක්ෂේත්‍රයෙන් ලබාදුන් බවය. එහිදී පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 890 ක්ද, රබර් වලින් ඩොලර්…
ඩබ්ලිව්.ජි .ඉන්දික කුමාර (38) මහතා නිවාස ඉදිකිරීම් වල අත්උදව් කරුවෙකු ලෙස සේවය කරමින් දරුවන් තිදෙනා මෙන්ම බිරිඳ ජීවත් කරවීමට උත්සාහයෙන් කටයුතු කළ අයෙකි. පසුගිය අප්‍රේල් මාසයේ අවුරුදු සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමත් සමඟ අල්ලපු ගමේ නිවාස ඉදිකිරීමක් සඳහා රැකියාවට ගිය කුමාර ඉදිකිරීම් ගොඩනැගිල්ලෙන් පහලට ඇද වැටී මිය ගොස් තිබේ. මියගිය ඉන්දික කුමාර මහතාගේ බිරිඳ ඒ.ජි. හර්ශණී මධුවන්ති විජේරත්න මහත්මිය භාගෙට තැනූ අනාරක්ෂිත නිවසේ වයස අවුරුදු 11 ක් වූ සත්සර හසරැල් පුතාත්, වයස අවුරුදු 7ක් වූ හසන්‍යා ආදිත්‍යා දියණියත්, වයස අවුරුදු 2ක් වූ විනුද පැහැසැර පුංචි පුතා සමඟ කඳුලු සලමින් ජීවත් වෙයි. මධුවන්තී විජේරත්න තිදරු මව තවමත් තම සැමියා මිය ගිය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222