Author: VNews

ශ්‍රී ලංකාවේ එක් දින සංචාරයක නිරත වී සිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එම සංචාරය නිමා කර 10/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය . එතුමා සමග පැමිණි දූත පිරිස සමග ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් වන අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් 10/04 දින පස්වරු 06.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ . ඔවුන්ට සමුදීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

තව කියවන්​න

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, ඉන් මාස හයක කාලයක් අත්හිටුවීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ. අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට ප්‍රවීන් ජයවික්‍රම විසින් පිළිගැනීම හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.

තව කියවන්​න

පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා පස්සර පොලිස් වසමේ පරමංකඩ ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදීයි. එහිදී ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03ක් සොයාගෙන තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ. IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි. ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි…

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීම සඳහා චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී…

තව කියවන්​න

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බව ය. නමුත් විදුලි බිල අඩු කිරීම සඳහා තවම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැත. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් යථාර්ථය මෙය බව ද, හෙතෙම පෙන්වා දෙයි. “මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා. අසීමාන්තික විදිහට ලාභ උපයනවා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා. බදු අයින් කරනවා.…

තව කියවන්​න

මිදිගම පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන  විශේෂ කාර්යාංශයේ  නිලධාරීන්ට  ලද තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය  අත්අඩංගුවට ගෙන තිබේ එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩි බව පොලිසිය සඳහන් කරයි. වැලිගම  ඉබ්බාවල ප්‍රදේශයේ  සෝදිසි මෙහෙයුමකදී .   පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් හතර දෙනකු  පරීක්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී  තිදෙනෙකු  පලා ගොස් තිබේ එහිදී  එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඔවුන් සන්තකයේ තිබූ   ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී   එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් අටසීයක්  පොලිසිය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස 20 පමණ වන  වැලිගම ප්‍රදේශයේ   පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. . පරික්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී පලා…

තව කියවන්​න

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ” කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින්  කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබියදී , එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද සමග 10/02 පස්වරුවේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ . කැනඩාවේ සිට ඩුබායි හරහා පිළියන්දල ප්‍රදේශයේ ලිපිනයකට , මෙම පාර්සලය  කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානය  වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ඉකුත් 09/26 දින  එවා තිබුණි .  සැක කටයුතු මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට දී…

තව කියවන්​න

ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකනුයේ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති නිසාවෙනි. පියයුරු පිළිකා පිළිබද මාසයේ දී ඒ පිළිබදව මනා ප්‍රචාරයක් ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පාගමනක් සහ විශේෂ උත්සවයක් ඊයේ දින (02) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා මෙන්ම, කලාකරුවන්  සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. “හදුනා ගනිමු. ප්‍රතිකාර ගනිමු. ජය ගනිමු.’’ මෙවර පියයුරු පිළිකා පිලිබද මාසයේ තේමාව වශයෙන් ගෙන ඇති අතර තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කරන ලද පාගමන හැව්ලොක් සිටි දක්වා ගමන් කරන ලදී. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ උත්සවයක් ද…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් තමාගෙත්, කැනේඩියානු රජයේත් ජනතාවගේ උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ මහකොමසාරිස්වරයා දූෂණය පිටුදැකීම සහ රට තුළ සුරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කැපවීම අගය කළේය. දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බවද මෙහිදී පෙන්වා දුන් එරික් වොල්ෂ් මහතා යෝජිත ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය වනු ඇති…

තව කියවන්​න