Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ

    තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ

    2024-10-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බව ය. නමුත් විදුලි බිල අඩු කිරීම සඳහා තවම යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැත. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් යථාර්ථය මෙය බව ද, හෙතෙම පෙන්වා දෙයි.

    “මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා. අසීමාන්තික විදිහට ලාභ උපයනවා. ඒ නිසා තෙල් මිල අඩු කරනවා. බදු අයින් කරනවා. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රු. 195 ට. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රු.117 ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රු.83 ක පමණ විශාල බදු මුදලක් අය කරන බව. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා. බිලියන 145 ක්, පළවෙනි මාස අටේදී. ඒකේ තේරුම රු. 20,000 ක් සෑම විදුලි පාරිභෝගිකයෙක්ම වැඩිපුර අරන් තියෙනවා පළවෙනි මාස අටේදී. ඉතින් ඒක වහාම ලබාදිය යුතුයි. දැන් කතා කරලා වැඩක් නැහැ. ජනතාවට ඒ විදුලි බිලේ සහනය වහාම ලබා දිය යුතුයි.

    පඩි වැඩි වීම කළා පසුගිය ජනාධිපතිවරයා. මේ රටේ වැඩකරන ජනතාව තැපැල් ඡන්දයෙන් පෙනී ගියා විශාල පිරිසක් අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය දීලා තියෙනවා කියලා. ඒ ජනතාවත් බලාපොරොත්තු බලාපොරොත්තු වෙනව පඩි වැඩිවීම සිද්ධ වෙයි කියලා. ඒ පිළිබඳ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරනවයි කියලා ප්‍රකාශ කිරීමට එතුමාට දැන් හැකියි. මොකද නව කැබිනට් මණ්ඩලයක් පත් කරලා තියෙන නිසා.

    පෙර පුව​තරුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජනපති සහ චීන තානාපති අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group