Author: VNews

2023 ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, www.elections.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි. 2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කරනු ලබනවා. ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා. අදාළ සංගණන පත්‍රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන්නැයි මැතිවරණ කොමිසම සියලුම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා . මේ අනුව ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වනු ඇති බව ද සඳහන්.

තව කියවන්​න

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි. දෙවන දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 38ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 151ක් රැස් කරගෙන සිටියා. මෙහිදී රවීන්ද්‍ර ජඩේජා පන්දු 51දී ලකුණු 48ක් රැස් කළා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 469ක්. එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 163ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 121ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජි ලකුණු 108කට කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 318ක් පිටුපසින් පසුවනවා.…

තව කියවන්​න

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගිය පසු රහසිගත ලිපි ලේඛන පරිහරණය කළ බවට චෝදනාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙය හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් වූ දෙවැනි අධිචෝදනා පත්‍රය බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ. ඒ අනුව අධිචෝදනා පත්‍රය මගින් ඉදිරිපත්කර ඇති වැරදි සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර, එය අපරාධ චෝදනාවක් එල්ල වූ පළමු ජනාධිපතිවරයා ලෙසයි වාර්තා වුණේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් කිරීමටයි ඊයේ කටයුතු කෙරුණේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබීමටයි කටයුතු කළේ. බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත…

තව කියවන්​න

20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ  පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 06/08 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළි මෙරටට පැමිණියා.  මෙම තරගාවලිය දකුණු කොරියාවේ යේචියොන් ( Yecheon )නගරයේ 06/04 දින සිට 06/07 දක්වා පවත්වා තිබුණා. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගී වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණා. වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800 , මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනා…

තව කියවන්​න

සංචාරක දකුණු අප්‍රිකාණු ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය දැන් පැවැත්වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 17 2ක් පමණයි. සහන් ආරච්චිගේ ලකුණු 63 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 175 ක් ලබා තරගය ජයග්‍රහණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි නිල නොවන එක්දින තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම ජයගත්තා. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12 වනදා ආරම්භ වීමට නියමිතව…

තව කියවන්​න

අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරහෙන යාම පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කරන ලදැයි චෝදනා කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. එම නඩුවේ පළමු සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බවයි. එයට පිළිතුරු දුන් විනිසුරුවරයා ප්‍රකාශ කළේ සාක්ෂිකරු අධිකරණයට පැමිණීම සඳහා බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ ආරක්ෂාවක් ද යන්නයි.…

තව කියවන්​න

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ  මහාචාර්ය එ්කක කඩිනමින් ස්ථාපිත කිරීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුුුණා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ සහ වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්වරුන්ද එක්ව සිටියා. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය මේ වසරේ ආරම්භ වුු. ඒ සඳහා පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම වශයෙන්‌ මෙවර උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වෛද්‍ය විද්‍යාව හැදැරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන් අතරින් 50 කු බඳවා ගැනීමට ඌව වෙල්ලස්ස විශ්ව…

තව කියවන්​න

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා 2023.06.07 දින කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුනා. මෙම හමුවේදී ඔවුන් දැනට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපන සහ සංස්කෘතික  කෙ‍ෂ්ත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා. අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මාලදිවයිනේ සිසුන්ට ගාස්තු අය කිරීමේ පදනම මත වෛද්‍ය  අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන  ක්ෂේත්‍රවල  අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිටියා.   විශිෂ්ට ගුරුවරුන් ශ්‍රී ලංකාව සතු බවත්, තමාගේ පාසල් අධ්‍යාපනය තුළ 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා  ඉගැන්වූ සියලුම ගුරුවරුන් ශ්‍රී ලාංකිකයන් වූ අතරම ඔවුන්ට…

තව කියවන්​න

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වනදා ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළා. 2019 වසරේ නොවැම්බර් 25 වනදා එම තනතුරෙහි වැඩ භාරගත් ඒ මහතා එහිදී සබරගමු පළාතේ 12 වන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළා. ඔහු පවසන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවත් ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයිි.

තව කියවන්​න