- කැරිබියන් මුහුදේදී නෞකාවකට මාරාන්තික ප්‍රහාරයක්- තිදෙනෙකු ජිවිතක්ෂයට
- සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට
- වසරේ ගතවු කාලය තුල අත්අඩංගුවට ගත් අපරාධකරුවන් ගැන පොලිසියෙන් ප්‍රකාශයක
- එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ
- අවි ගණුදෙනුවකට ඇමෙරිකාව සූදානම්
- මාර්ග සංවර්ධන කටයුතු අඛණ්ඩව
- මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි
- මෙහෙයුම්වලින් එක් ලක්ෂ හාරදහසක් අත්අඩංගුවට
Author: VNews
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. මේ වන විට ජනතාවට ඇත්තේ මැතිවරණයක් පවත්වනනේ කවදාද යන්න පිළිබද ප්‍රශ්නයක් නොව කුසට ආහාර ලබාගැනීමේ ප්‍රශ්නයක් බවටයි නවීන් දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.
රජය විසින් ක්‍රියාවට නංවන ලද අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දරිද්‍රතාවයට පත් ජනතාව පිළිබදව නිශ්චිතව සොයා බැලීමක් සිදු නොකර ඇති හැකි පුද්ගලයින් සොයා ගන්නේ කෙසේද යන්න විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. අස්වැසුම වැඩසටහන පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කොට නැවතත් ඒ සදහා ලබා ගත් නම් සංශෝධනය කොට සුදුසකම් ඇති පුද්ගලයින් සොයා ක්‍රියාවට නංවනු ඇති බවටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ.
කොකේන් මත්ද්‍රව්‍යයේ ඉල්ලුම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඇෆ්ගනිස්ථානයෙන් ඔබ්බට යමින් වෙනත් රටවලද සිදුවන බවටයි එම සංවිධානය ප්‍රකාශ කළේ. 2021 වසරේ කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ වාර්තාගත වැඩිවීමක් සටහන් වී ඇති අතර, ගෝලීය කොකේන් භාවිත කරන්නන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ද මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිදු කරන ලද ලෝක ඖෂධ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා . ලොව පුරා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වලින් සියයට 90 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නැගෙනහිර හා අග්නිදිග ආසියාව සහ උතුරු ඇමරිකාවෙන් බව ද සඳහන්.
සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවයි. අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමි වූ පුද්ගලයින්ට ජූලි 10 වැනිදා දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1924 ක්ෂණික ඇමතුම් අංකය හරහා ලබාගත හැකි වනවා. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8 ත්, 5 ත් අතර එම අංකයට ඇමතුම් ලබාදිය හැකි බවද සදහන් . අස්වැසුම වැඩපිළිවෙළ යටතේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය ඊයේ…
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්ධන විශේෂඥ කමිටුව පවසනවා . එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 47,000 ක් වාර්තා වී ඇති බවයි. වාර්තා වන රෝගීන්ගෙන් සියයට 75 ක්ම වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් බව සඳහන් . ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඩෙංගු උණ මීට පෙර කුඩා ළමුන් අතර බහුලව පැවතියත්, වර්තමානය වන විට තරුණයින් වැඩි වශයෙන් ඊට ගොඳුරු වන බවයි. මේ අතර , මෙම සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ මදුරු…
කතරගම පූජා නගරයට පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉදිකරන ලද කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ නව පරිශ්‍රය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කතරගම දේවාලයට ලැබෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මසකට ආසන්න කෙටි කාලයක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට සමගාමිව ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන පහසුකම් නගා සිටුවීම වෙනුවෙන් ද ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 2 ක් ධාවනයට එක් කිරීම ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කර තිබෙනවා. මේ අවස්ථාවට එක් වෙමින් අදහස් පළ කළ අමාත්‍ය බන්දුල…
අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා . වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒවා පුද්ගලිකව භාර දීමට හැකියාව පවතින බවයි. කෙසේවෙතත්, ඊට අමතරව අදාළ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වනවා . එමෙන්ම ඉදිරිපත් කර ඇති අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙළට අදාළ තවත් නාමාවලියක් අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව සමාජ සුබසාධන මණ්ඩලයේ සභාපති බී .විජයරත්න මහතා පවසනවා . එබැවින් පුද්ගලයින් මේ සදහා කලබලයට පත් නොවිය යුතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි වාර්තා වනවා. ඔහුගේ සේවා කාලය අදින් අවසන්වීමට නියමිතයි . නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් තවමත් ඉදිරිපත්වී නැහැ . එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසූවේ නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කරන බවයි. පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නා .
රජය විසින් ලබන ජුනි 30 වන දා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල ද එදින වෙළදපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොළඹ කොටස් වෙළදපොල විසින් දැනුම් දී තිබෙනවා. මීට පෙර රජය විසින් එළඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන් අවසන් කිරීම සදහා අවශ්‍ය කාලය ලබා ගැනීමට ජුනි 30 වන දා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි. එමෙන්ම එම කාලසීමාව තුළ ඒ ටී එම් යන්ත්‍රවලින් මුදල් ලබා…
අවිස්සාවේල්ල පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ උක්වත්ත සුසාන භුමිය අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අවිස්සාවේල්ල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කළ තරුණියක් බසයෙන් බැස ඉදිරියට ගමන් කරමින් සිටියදී එම බස්රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222