Author: VNews

නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා පත්වුණේ. ගුවන් හමුදාපතිධුරයට පත්වීමට පෙර ඔහු මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළා. උදේනි රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු කීර්තිමත් ආදි සිසුවෙකු වනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. සිම්බාබ්වේ බුලවායෝ හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර සුපිරි 6 දෙනාගේ වටයේ ඊයේ පැවති පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 14 ජයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ ඕමාන කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 332ක් රැස් කළ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 318ක් පමණයි.

තව කියවන්​න

ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුමේ ප්‍රධාන කොටසක් ඉවත් කිරීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා. මාස ගණනාවක් පැවති ජනතා විරෝධය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම වසරේදී අවස්ථා කිහිපයකදී ඊශ්‍රායල වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වීදි බැස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලසුමට එරෙහිව විරෝධය පළ කරනු ලැබුවා.

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේධී සේවක අර්තසාදක අරමුදලේ සියයට 09 පොලී අනුපාතය ආරක්ෂා කිරීම සදහා සේවක අර්තසාදක පනතට සංශෝධනයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වෘත්තීය සමති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව කඩිනමින් එම සංශෝධනය ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ණය ප්‍රතිව්‍යූගත කරන ක්‍රියාවලිය අවසන් වන තෙක් බැංකු වසා දැමීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන එම ක්‍රියාවලියට එරෙහිව විරෝධ පළ කරන බවයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද සදහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොන්දේසියක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බවයි. මේ අතර ණය ප්‍රතිවූහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ද අදහස්…

තව කියවන්​න

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ ජනාකීර්ණ නගරයකදී මෝටර් රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට පොලීසිය පවසනවා . වයස අවුරුදු 40 ක් පමණ වයසැති එම පුද්ගලයාට අද උදෑසන වෙඩි තබා ඇති අතර ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව සඳහන් . බලධාරීන් ඔහුව නම් කර නොමැති වුවද එරට මාධ්‍ය පවසන්නේ ඔහු කොකේන් ජාවාරම්කරුවෙක් බවයි . තුවක්කුකරුවන් මෝටර් රථවලින් පැමිණ වෙඩිතැබීම සිදුකර තිබෙනවා .

තව කියවන්​න

කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 500 ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹෙන බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී සිදු කෙරුණු ගනුදෙනුවෙන් පසු කෙරෙන විශාලතම අරමුදල් වාරිකය මෙය බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම අද ආරම්භ කෙරුණා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ දී මෙම අදහස් ලබාගැනීම සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. ඒ අනුව පෙරවරු 09 යි 30 සිට පස්වරු 04 යි 30 දක්වා මහජන අදහස් ලබාගැනීම සිදු කෙරෙනු ඇති.

තව කියවන්​න

අස්වැසුම සම්බන්ධව සමාජයේ පුද්ගලයන් අතර සහ සමෘද්ධි ප්‍රතිලාභීන් අතර මේ දිනවල විවිධ කතාබහ මෙන්ම මත ගැටුම් ද ඇති වී තිබෙනවා. ඇතැම් සමෘද්ධිලාභීන් අස්වැසුම නාමලේඛනයේ නොමැති වීම නිසයි මෙම ගැටලුව ඇති වී තිබෙන්නේ. මේ නිසා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් නොලැබූ පුද්ගලයන්ට සහ පවුල් ඒකකවලට ඒ සඳහා හිමිකම් පෑමේ අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව අස්වැසුම සුඛසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරනවා. සුඛසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරන්නේ එම අභියාචනා ලබන මස 10 වැනි දින දක්වා භාරගන්නා බවයි. කිසියම් පුද්ගලයකුට හෝ පවුල් ඒකකයකට හෝ අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ තමාගේ නම සුදුසුකම්ලාභී නාම ලේඛනයේ නොමැති නම් පමණක් බවයි සඳහන් වන්නේ. රට පුරා සෑම ප්‍රාදේශීය…

තව කියවන්​න

ලංකා විදුලි බල මණ්ඩලය භාරයේ තිබෙන මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක් විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්.එල්.සී. ආයතනය විසින්. එම ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස අමෙරිකන් ඩොලර් මිලියන 25ක් යොදවා හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා. අදාළ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා එම සමාගම වෙත එම ඉඩම් කොටස් දිගු කාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන ඇමැති වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද…

තව කියවන්​න