Author: VNews

 තමන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කරමින් , කටුනායක ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා  දේපොළ මංකොල්ලකෑම් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින් 06/29 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබෙනවා .  ආඩිඅම්බලම සහ මඩවල ප්‍රදේශ වල පදිංචිකරුවන් වූ මොවුන් සිය මංකොල්ලකෑම් සිදු කර කොළඹ , තොටළග , 75 වත්තෙහි මුඩුක්කු නිවාසයක් තුළ සැගවී සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.   කටුනායක ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකු කුළී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් ඔහුගේ ත්‍රිරෝද රථය , රන් මාළය , ජංගම දුරකථන 02 ක් සහ මුදල් පසුම්බිය මංකොල්ලකා මොවුන් පළා ගොස් තිබූ අතර වේයන්ගොඩ ප්‍රදේශයෙන් පැහැර ගත් යතුරු…

තව කියවන්​න

මධ්‍යම පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරය වෙත කැඳවීම සදහා පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (27) කටයුතු කර තිබුණා. එහිදී  අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලය බෙදා හැරීමේ අවශ්‍යතාව පිලිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු තරඟකාරී අධ්‍යාපනය සදහා පෙළඹවීමක් නොවීය යුතු බවයි. විල්ගමුවේ, වලපනේ දරුවාටද මහනුවර දරුවාට ලැබෙන ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමේ වගකීම අධ්‍යාපනය සතු බවත් ඒ සදහා ගුරුවරුන් යොමු කිරීමේ ප්‍රමුඛ වගකීම අධ්‍යාපන කලාප වලට හිමිවන බවත් ඒ නිසාම එකී කාරණා සදහා අවශ්‍ය නිසි බලය ලබා දීම සිදු කරන බවත් එකී බලය අනිසි ලෙස භාවිතා නොකිරීම ඔවුන්ගේ වගකීම බවත්ය කෙසේ වෙතත් ඇතැමුන්ගේ ක්‍රියාකලාප…

තව කියවන්​න

මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී  (27)  සිදු වුුණා. එහිදී පළමු සිසුවා ලියාපදිංචි කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ අතර, මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අධ්‍යාපනය මගින් හුදෙක් පොතෙන් පතින් ලැබෙන අධ්‍යාපනය නොව යහපත් පුරවැසියෙකු බිහි කිරීම සදහා අවශ්‍ය පසුබිම සකසා දීම සිදු විය යුතු බවත්, තරඟකාරී අධ්‍යාපනයෙන් බැහැරට ගොස් විධිමත් ගුණාත්මක අධ්‍යාපනයක් සදහා යොමු විය යුතු බවත්, නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සදහා වන කතිකාවතක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් ය. අමතර පන්ති නොයන දරුවෙකු…

තව කියවන්​න

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ 2021-2022 වර්ෂවල පාසලේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 560 දෙනෙකුට පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවයක් (29) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්විණ. පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ට , පහේ ශිෂ්‍යත්ව විභාගය , අපොස සමාන්‍යපෙල සහ උසස්පෙල යන විභාගයන්ගෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට , ජාතික සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත් වු විභාගවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට සහ ක්‍රිඩා ඉසව් වලින් ජයග්‍රහණය ලබාගත් සිසු සිසුවියන්ට මෙසේ පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කල බවයි එම විදුහලේ විදුහල්පති රාමනාදන් ශ්‍රිදර් මහතා කියා සිටියා. පේරාදෙණිය…

තව කියවන්​න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති. හෙට රැස්වන පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ගත යුතු වෙනවා. ඊයේ පස්වරුවේ ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද යෝජනාවට පාර්ලිමේන්තුවේදී විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භ වනවා. ඒ, නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ක්‍රීඩා කළ තරග 3 ම ජයග්‍රහණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටයේ තරග ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. තරඟාවලියේ පළමු තරගයට පෙර පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියේ දී යි චමීර දකුණු උරහිසෙහි ආබාධයකට ලක්වුණේ. ඒ හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති…

තව කියවන්​න

මහනුවර නගරය අශ්‍රිතව අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවනවා. පොලිසිය පැවසුවේ අද පෙරවරු 09.30 සිට මධ්‍යහන 12 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි. විදේශ තානාපතිවරුවන් සදහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන යෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ හේතුවෙනුයි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ. මේ අදාළ රථවාහන සැලැස්ම පිළිබද අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා. ඪධෂක්‍ෑ ක්‍ඹඔ – නිහාල් තල්දුව

තව කියවන්​න

ශ්‍රී ලංකන් ඇතුළු මෙරට ගුවන් සමාගම් දෙකක් සඳහා විදේශිය ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසිනුයි මෙම අවසරය ලබා දී ඇත්තේ. මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන් 70කට ආසන්න සංඛ්‍යාවක් සේවය අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගුවන් ගමන් සදහා පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාකිරීමට නම් නියමුවන් අවම වශයෙන් 330ක් පමණ අවශ්‍ය බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.

තව කියවන්​න

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අදත් යළි රැස්වීමට නියමිතව තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවේ මතය අද දිනය තුළ ප්‍රකාශ කරන බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ. ඊයේ දිනයේදී ද රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්ව තිබුණා. මේ එහිදී සාකච්ඡා වු කරුණු පිළිබද මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා මහතා.

තව කියවන්​න

අස්වැසුම සුබසාධන වැඩසටහන කිසිවෙකු අත්නොහැරෙන පරිදි සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම අදාළ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකිවුවන් සදහා අගෝස්තු මාසයේදී ඒ සඳහා යළි අවස්ථාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර අස්වැසුම පිළිබද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න