Author: VNews

ප්‍රංශයේ අතිවු ප්‍රචන්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් බහුතරයක් වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන්නන් බවයි. අදාළ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 249 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වු මොටර් රථයක සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවයි ප්‍රංශයේ ප්‍රචන්ඩකාරී තත්ත්වයක් මතුව තිබුණේ.

තව කියවන්​න

ලෝක කුසාලනයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ පළමු ජය ලබන්නට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ දෙනර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 21කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 213ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 40ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 192ක් පමණයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් සික්ස් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව තිබෙනවා.

තව කියවන්​න

2001 වසරේදී තායිලන්ත රජය විසින් මෙම හස්තියා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා. පාකිස්ථානයේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා සහය වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව පාකිස්ථානය සමග අමෙරිකානු ඩොලර් බිලියන තුනක් සදහා වු ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන මෙම ණය මුදල ජුලි මස මැදභාගය වන විට පාකිස්ථානයට හිමිවනු ඇති.

තව කියවන්​න

තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දුන් මුතු රාජා හස්තියා හෙට යළි තායිලන්තයට රැගෙන යාමට නියමිතව තිබෙනවා. මෙම හත්තියා රැගෙන යාම සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා. රුසියාවේ මොස්කව් නුවර සිටයි මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ. මුතු රාජා හස්තියා රැගත් ගුවන් යානය අද මධ්‍යම රාත්‍රියේදී තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි. මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ 2001 වසරේදී යි. ඒ තායිලන්ත රැජිනගේ පරිත්‍යාගයක් අනුවයි . මෙරටට පරිත්‍යාග කෙරුණු හස්තියා අලුත්ගම කන්දේ විහාරයට භාර දුන් අතර, එහිදී ඇතා විවිධ වධ හිංසාවට ලක් කර ඇති බව සත්වවේදීන් පෙන්වා දීමත් සමග තායිලන්ත රජයේ අවදානය ඒ සම්බන්ධයෙන්…

තව කියවන්​න

ප්‍රංශයේ උත්සන්න වී ඇති ප්‍රචන්ඩකාරී විරෝධතා හමුවේ පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් 667 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් බහුතරය අවුරුදු 14ත් 18ත් අතර වයසේ පසුවන්නන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගැටුම්වලින් මේ වන විට පොලිස් නිලධාරීන් 249 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවයි මෙම විරෝධතා හටගත්තේ .

තව කියවන්​න

සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොළොත් භාවයෙන් මිදෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වාර්ෂික මහසභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා සහයෝගය දැක්වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

තව කියවන්​න

මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger ගිණුම් කළමනාකරණය කිරීමට ඉඩ සලසා තිබෙන අතර මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන දරුවන්ට නවත්වා විවේකයක් ගැනීමට දිරිගන්වනු ලැබේ. රාත්‍රී කාලයේ ළමුන් විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් අධික ලෙස භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙන අතර වයස අවුරුදු 13 ට වැඩි දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර ඇත.

තව කියවන්​න

තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සෙල් ආයතනයකින් සුභෝපභෝගී ජිප් රථ තුනක් සහ වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. පොදු ජන පෙරමුණු  හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවෙස පිටුපසු ගරාජයේ  තිබියදී කොල්කන ජිප් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත. තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ ඔවුන් එම අලෙවි සැලේ මුරකරුවන් බැඳ දමා මෙම වාහන මංකොල්ලය සිදුකර ඇති බවයි. කොල්ලකෑ වාහන අතුරින් ජීප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී පොලීසිය විසින් සොයා ගනු ලැබුන අතර වත්තේගම පොලිසියට ලද…

තව කියවන්​න

පූූූූූනාගල  සිට කොස්ලන්ද දක්වා ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි ‌රෝද රථයක්  අද දින (30)  කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපී නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ ත්‍රි ‌රෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය පවසනවා. ත්‍රී රෝද රථය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා රථය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි කොස්ලන්ද පොලීසියේ රථවාහන අංශය පවසනවා. පුනාගල සිට ළමුන් අධික ප්‍රමාණයක් පටවාගෙන කොස්ලන්ද ට පැමිණ දරුවත් කොටසක් කොස්ලන්ද නගරය ආසන්නයේ බස්සවා කොටසක් ත්‍රී රෝද රථයේ නංවාගෙන…

තව කියවන්​න

ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය නුදුරේදීම ශ්‍රී ලංකාව තුළ දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක් පිහිටුවීමට සැලසුම් කරයි. ජර්මනියේ සන් ෆාමින් ගෘප් ඒජී (SunFarming Group AG) හි සභාපති පීටර් ෂ්‍රම්ගේ ප්‍රධානත්වයෙන් යෝජිත ආයතනයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබුවා. ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය පුනර්ජනනීය බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය සහ විද්‍යුත් සංචලනය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර සහ දේශගුණික හිතකාමී තාක්‍ෂණයන් සඳහා ශක්‍යතා ගොඩනඟන්නක් සහ තාක්‍ෂණ හුවමාරු වේදිකාවක් බව ස්ක්‍රම්  (Schrum) මහතා අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය. යෝජිත ව්‍යාපෘති පහසුකම තුළ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම, කාර්මික පුහුණුව මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන අවකාශ ලබා දීමෙන් පුළුල් කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට…

තව කියවන්​න