Author: VNews
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර පළාතේත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
පලස්තීනයේ ජෙනින් සරණාගත කඳවුරේදී ඊශ්‍රායල හමුදාව සහ සන්නද්ධ පලස්තීන සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. එහිදී පලද්තීනුවන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ. මේ අතර ඊයේ දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් මෙම සටන්කාමීන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා. මෙම සටන් තවදුරටත් ක්‍රියත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 08න් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව පළමු ඉනිම පන්දුවාර 31ට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 31ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 127ක් රැස් කළා. අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 196ක ඉලක්කයක් හිමි වුණා. එම ලකුණු…
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහසේ සීමාවට ගෙන ඒමට අපේක්ෂා කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. සභාපතිවරයා සඳහන් කළේ අද දින පෙරවරුවේදී අඩු කෙරෙන මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.
ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය 07/02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ “චියෑන් මායි”( Chiang Mai ) ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ . මෙම ඇතා රැගත් රුසියානු ඒවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.ඉසෙඩ්.එස්.- 5701 දරන ගුවන් යානය උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ බලා පිටත් විය . පැය 05 ක ගුවන් ගමනකින් පසුව මෙම ගුවන් යානය මේ වනවිට තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වූ සුපර් සික්ස් වටයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුනා. ඒ අනුව පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා
ඉන්දීය ගුවන් හමුදාවට අයත් තේජාස් ගුවන් යානා ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඊයේ දිනට වසර 07 ක් සම්පූර්ණ වනවා. තේජාස් යනු ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක සැහැල්ලු ගුවන් යානයක්. ගුවන් ආරක්ෂක කටයුතු, ගුවන් ප්‍රහාර සහ ඔත්තු බැලීම් සඳහා යොදා ගැනීම වෙනුවෙන් මෙම තේජාස් ගුවන් යානය නිපදවා ඇතැයි සඳහන්. මේවනවිට ජාත්‍යන්තර මෙහෙයුම් සහ විදෙස් රටවල ගුවන් හමුදාව සංවිධාන කරන උත්සව රැසකට එම ගුවන් යානය දායක වී තිබෙනවා. ඒ අතරට මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ද අයත්.
පාකිස්තානය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ එරට මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ රාත්‍රියේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව නිවේදනය කර ඇති බවයි . ඒ අනුව පාකිස්තානය ඩීසල් මිල රුපියල් 7.50 කින් ඉහළ දමා තිබෙනවා. දැනට පෙට්‍රල් ඇතුළු අනෙකුත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බවද පාකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා තිබෙන බව සදහන් . ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානය විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ පා සිටිනවා .
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කල එම යෝජනාවාට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය අමාත්‍යරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදීයි. එමෙන්ම එහිදී අදහස් පළ කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස රජය එය තීරණය කරනවා නම් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බවයි. රෝගීන් සඳහා විශාල මුදලක් රජය වැය කරන බැවින් ගෙවීම කෙසේ වෙතත් ඒ සඳහා වන වියදම සඳහන් බිල් පතක් ලබාදිය යුතු බවත්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 4%ක් ලෙස තනි ඉලක්කමකට අඩු වී තිබෙනවා. 2023 මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මෙලෙස ආහාර උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇත්තේ මාස ගණනකට පසුව වීම විශේෂත්වයක්. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජූනි මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 4%ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි. කොළඹ නාගරික…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222