Author: VNews

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කේ.ඩි.එච් වර්ගයේ වෑන් රථය වෙනත් පුද්ගලයෙකු විසින් බිමත්ව ධාවනය කර ඇති බවට හැටන් කලාපයේ ගුරුවරුන් පිරිසක් විසින් හැටන් පොලිසියට (09) දින පැමිණිලි කර තිබුණා. නුවරඑලිය මහාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් දැනට සේවයෙන් ඉවත් වි සිටින හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ඥාතියෙකුගේ හැටන් දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේ පැවති මල්වර උත්සවයකට සහභාගි විම සදහා පිරිසක් එම වෑන් රථයෙන් වෙනත් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බවත්, එම උත්සවයට අවශ්‍ය මත්පැන් රැගෙන ඒමටද අදාල වෑන් රථය භාවිතා කර ඇති බවටද එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා. එම වෑන් රථය උත්සව ශාලාවෙන් පිටතට පැමිණෙන අවස්තාවේ එම උත්සවයට…

තව කියවන්​න

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තෙවැනි අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 03ක් ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගය ජයග්‍රහණය කිරීම සදහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 251ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් කඩුළු 07ක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව  සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 263ක් රැස් කළා. ඊට පිළිතුරු ඉනිම එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 237ක්. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියාව සියලුදෙනා දැවී ලකුණු 224ක් රැස් කළ අතර, ඒ අනුවයි එංගලන්තයට ලකුණු 251ක ඉල්ලක්කයක් හිමි වුණේ.

තව කියවන්​න

ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඒ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවයි. ඒ, ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය. පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග රෝහල් පද්ධතියේ තිබූ සී ටී ස්කෑන් යන්ත්‍ර ඇතුළු විකිරණ පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ගිවිසුම් ගතවීම සිදුනොවූ බව අමාත්‍යවරයා පැවසුවා. එම තත්ත්වය මත මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ ඇති සී ටී ස්කෑන් යන්ත්‍ර 14ක් ඇතුළු විකිරණ පරීක්ෂණ යන්ත්‍ර රැසක් අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක…

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වුුුනා. කොළඹ පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වුුුනා. දෙරට අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ජයගත් නවසීලන්ත කාන්තා කණ්ඩායම තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වීමට නියමිතයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළව අභියාචනා අට ලක්ෂ තිස්පන්දහසක් සහ විරෝධතා එකොළොස්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි. අද පස්වරුවට පෙර සිය අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන ලෙස , අමාත්‍යවරයා දැනුම් දෙනවා . අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ඉදිරි වසර සඳහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී යළි අයදුම්පත් කැඳවීමක් සිදු කරන බවයි. එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9 ක් සහ විරෝධතා 12,000 ක් ලැබී ඇති…

තව කියවන්​න

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව එයාර් ඒෂියා ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී 10.10ට තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 07 දෙනෙකු ද පැමිණ සිටි අතර ගුවන් යානය ආපසු ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගියා. තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට එම යානය කටුනායක ගුවන් තොටුපල වෙත නැවත පැමිණ තිබෙනවා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර…

තව කියවන්​න

පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ සිව්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා. ඒ අතරින් පසුගිය සිකුරාදා පැවති තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරදා ලකුණු 22 ට 6 ක ජයක් ලැබීමට සමත් වුනේ කොළඹ ඉසිපතන විදුහලයි. එම තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණේ. එමෙන්ම මෙම තරගාවලියේ තවත් තරගයක් පසුගිය සෙනසුරාදා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත් වුනා. එහිදී ලකුණු 29 ට 22 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කිරීමටයි විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩකයන්ට හැකි වුණේ. එදිනම තවත් තරගයක් පැවැත් වුනේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතරයි. එහිදී ලකුනු 22 ට 10 ක්…

තව කියවන්​න

අඹන්පොල පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ, අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එලෙස තුවාල ලැබූ පිරිසෙන් කාන්තාව 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අඹන්පොල රෝහලට ඇතුලත් කර ඇති අතර, තවත් කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ගල්ගමුව රෝහලටත් ඇතුලත් කර තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් වන අතර, අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

ඉන්දියාවේ දිල්ලි නගරය ආශ්‍රීතව දින දෙකක් පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අයහපත් කාලගුණය නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ. පසුගිය 08 සහ 09 යන දෙදින තුළ දිල්ලි නගරය ආශ්‍රීතව මිලිමීටර් 153ක් දැඩි වාර්ෂාවක් වාර්තා වී තිබෙනවා. මෙම වර්ෂාවත් සමඟ නායයාම් මෙන්ම යමුනා ඇතුළු ගංගා කිහිපයක ජලය නගරයට පැමිණීමත් සමග මාර්ග සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. සිම්බාබ්වේ හරාරේහීදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 233 ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ඉනිමේ සියලු දෙනා පන්දුවාර 23යි පන්දු 3ක් අවසානයේ දී ලකුණු 105 කට දවා ගනිමින් අපරාජිතවම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව අඛන්ඩව වාර්තා කළ 10 වැනි එක්දින තරග ජය මෙය වීම විශේෂත්වයක්. මීට පෙර ශ්‍රී ලංකාව…

තව කියවන්​න