- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක්
- මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කෙරේ
- අලි රොෂාන්ට වසර 15 බරපතල වැඩසහිත සිරදඬුවම්
- විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
- හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද
- ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
- දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
Author: VNews
ජාතික රෝහල තුල හෙට දිනයේදී වෘත්තීය සමිත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කලේ සෞඛ්‍ය උපකරණ හිඟ වීම ඇතුළු ජාතික රෝහලේ මතුව ඇති ගැටලු වලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම වෘත්තීය සමිත් ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි. සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා .
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ චිතගෝන් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙකම ජයගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේ වන විට තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් උදය කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උතුරු අත්ලාන්තික් සාගරයේ ජෝල්ට්ස් ආසන්නයේ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. මෙම භූ කම්පනය උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝමීට 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ලංකා ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මීට පෙර එම තරගාවලිය පසුගිය ජූනි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, දේශීය හා ජාත්‍යන්තර තරග කාලසටහන සලකා බලා තරගාවලිය පැවැත්වීමට සුදුසු මාසය ලෙස දෙසැම්බර් මාසය තෝරා ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 දක්වා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම තරගාවලිය පිරිමි හා කාන්තා යන අංශ දෙකෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ. තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන්නේ ටී ටෙන් ස්පෝට්ස් මැනේජ්මන්ට් හා ටී ටෙන් ග්ලෝබල් ස්පොට්ස් මෙන්ම අයි.පී.ජී යන…
පළමුවරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මෙම කටයුත්ත ඊයේ දිනයේදී සිදු කෙරුනේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි . මේ අනුව මගීන් හට ඉතා පහසුවෙන් 1315.කන යන වෙබ් අඩවියෙන් හා 1315 ජංගම යෙදුම ඔස්සේ ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන ලබා ගැනීමේ හැකියාව පවතිනවා . එමෙන්ම මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය වෙන් කරවාගැනිමටයි හැකියාව ලැබී ඇත්තේ . මේ එම අවස්ථාවේදී අදහස් දක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටියදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ. මොවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් විදේශ රට වලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවටද අනාවරණය වී තිබෙනවා. මොවුන් දෙදෙනා ඊයේ අලුයම 02.20 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. මොවුන් විසින් රැගෙන විත් තිබූ…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයකු විසින් අහුලා එම ව්‍යාපාරිකයාට බාරදීමේ පුවතක් අපට වාර්තා වුුුනා. මෙම ව්‍යාපාරිකයා රාත්‍රී අටට පමණ තම වෙළෙඳසල වසා දමා වෙළඳසැලේතිබූ මුදල් සහ තමා දිනපතා ගනුදෙණු කරන බැංකු කාඩ් බැංකු පොත් ඇතුළු අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය බහාලන බැගයද රැගෙන තම කැබ් රථයට දමා නිවසට පැමිණ ඇත.කෙසේ හෝ එම බෑගය කැබ් රථය නවතා තිබූ ස්ථානයේ වැටී ඇති අතර රාත්‍රී එකට පමණ ඔහුට කහටගස්දිගිලිය පොලිසියෙන් ලද දුරකථන ඇමතුමක් මත ඔහු තම මුදල් බැගය පරික්ෂා කිරීමේදී ඒ කැබ් රථය තුළ…
බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් පාසල් සිසුන් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක්. පාසල ඉදිරිපිට අඹගසක තිබු බඹර කූඩුවකට උකුස්සෙකු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඒ හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති බව සඳහන්. බඹරුන් දෂ්ට කිරිම හේතුවෙන් රෝහල් ගත කළ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි හිගුරක්ගොඩ රෝහල් ප්‍රකාශකයකු සඳහන් කලේ. බඹර ප්‍රහාරයෙන් ගුරුවරයෙකුට සහ මුරකරුවෙකුට ද තුවාල සිදු වී තිබෙනවා.
මෙරට ගුරු පුහුණු විද්‍යාපිඨ 19 ම විශ්වවිද්‍යාල බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. නමුත් ඒවායේ ශිෂ්‍ය සංගම් නිර්මාණය කිරිමා සඳහා ඉඩප්‍රස්ථාව නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සදහා බඳවා ගැනීම වසර තුනකට නොව වසර හතරක උපාධියක් සදහා වන අතර ඒවායින් උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල්වලට හිමි වන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. තලවකැලේ පතන ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222