රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටියදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් විදේශ රට වලින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවටද අනාවරණය වී තිබෙනවා.
මොවුන් දෙදෙනා ඊයේ අලුයම 02.20 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණේ.
මේ වනවිට මෙම පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය වැඩිදුරට විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













