- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක්
- මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කෙරේ
- අලි රොෂාන්ට වසර 15 බරපතල වැඩසහිත සිරදඬුවම්
- විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
- හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද
- ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
- දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
Author: VNews
ඩේලි නිව්ස් නියෝජ්‍්‍ය කතෘ ගැරී ගානියර් ඉකුත් සිකුරාදා (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා. වසර 26ක් පුරා ඩේලිනිවුස් පුවත්පතේ සේවය කළ නියෝජ්‍ය කතෘ ගැරී ගානියර් මිය ගියේ හෘදයාබාධයක් වැලදීමෙනි.1968 ජුනි 27 දින මෙලොව එළිය දුටු ගැරී මිය යන විට ඔහුගේ වයස අවුරුදු පනස් පහකි. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු අයිලන්ඩ් පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය ඇරඹුවේ 90 දශකයේ මුලදී ය. උප කර්තෘවරයකු ලෙස ඩේලිනිවුස් පුවත්පතට බැඳෙන ඔහු පසුව එම පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ලෙස ද කලක් සේවය කළ අතර ගැරීගේ බිරිය වූයේ ඩේලි නිවුස් පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ අංජලී ගානියර්ය. ගැරී පිළිබඳ කෘතවේදීව සිහිපත් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී ඩේලිනිවුස් කතෘ ජයන්ත…
මහනුවර නගරයේ සිදුකළ හදිසි වැටලීමකින් පසු මිනිස් පාරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ චොක්ලට් සහ රසකැවිලි තොගයක් අත්අඩංගුවට ගැනීමට මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය 14 දින කටයුතු කොට තිබුුණා. මහජනතාවගෙන් ලද පැමිණිලි වලට අනුව එම හදිසි වැටලීම සිදුකොට ඇති අතර මෙහිදී දළදා වීදියේ රස කැවිලි වෙළඳසැලක සිදුකළ පරීක්ෂා කිරීමකදී කල් ඉකුත් වූ ඒත් කල් ඉකුත්වූ දින මකා දමා ඒ වෙනුවට ව්‍යාජ කල් ඉකුත් වන දින සඳහන් කොට තිබූ චොකලට් සහ රස කැවිලි විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. වැටලීමට සහභාගීවූ මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා සඳහන් කළේ කිසිසේත්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම චොක්ලට් හා රසකැවිලි බහුතරයක් විදෙස්…
2023 ආසියානු සටන් කලා ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 11 ක් දිනාගත්තා. මෙලෙස රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා සටන් කලා කණ්ඩායම තායිලන්තයේ සිට දිවයිනට පැමිණ තිබුණා. අන්තර්ජාතික සටන් කලා සම්මේලනය සංවිධාන කළ හතරවන ආසියානු සටන් කලා ශූරතාවලිය පසුගිය 9 වනදා සිට 14 වනදා දක්වා තායිලන්තයේ පතායා නුවරදී පැවැත්වුණා.
මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි. සරම්ප වැළඳුණු දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ප්‍රතිශක්තිකරණය නොවූ බොහෝ දරුවන් අතරේ යළිත් සරම්ප රෝගය පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලියින් මිලියන 93ක් පීඩාවට පත්ව තිබෙනවා. අධික උණුසම පිළිබද නිරිත දිග සිට වොෂින්ටන් ප්‍රාන්තය දක්වා අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උණුසුම් කාලගුණ තත්වය ෆ්ලොරිඩා, ටෙක්සාස්, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 43 ක් ලෙසයි. දිවා කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ යා හැකි බවටද ඇමරිකානු ජාතික කාලගුණ සේවය අනතුරු අගවා තිබෙනවා.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයේදී ඒ සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර තිබෙනවා. මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත්කිරීම සිදුකර ඇති බවයි.
අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ, උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන බවයි. පසුගිය දා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් වාර්තාවල සඳහන්. උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් දියත් කෙරුණු එම මිසයිලය පැයකට වැඩි කාලයක් කිලෝ මීටර 1000 ක පමණ දුරක් ගමන් කර තිබෙනවා.
දිගන, ගෝනවල ප්‍රදේශයේ හුනුගල් කඩන කන්දකින් පහළට වැටී අවුරුදු 13 ක් වයසැති දරුවකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ දිගන පහළ, ගල්ගෙඩියාහේන ප්‍රදේශයේ පදිංචි වීසුරු වීරරත්න නමැති එම දරුවා තනිවම එම කන්ද මුදුනට ගොස් තිබු බවයි. එහිදි දරුවා එම කන්දෙන් අඩි තුන්සියයක් පමණ පහළට වැටි තිබුණා.
මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම් පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තුව ගෙන ආ යෝජනාවක් ඉන්දියාව හෙළා දැක තිබෙනවා. සිය අභ්‍යන්තර කටයුතුවලට ඔවුන් අනවශ්‍ය ලෙස මැදිහත් වී ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. පසුගිය මැයි මාසයේ මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 130 කට වැඩි පිරිසක් මිය ගියා. තවත් දස දහස් ගණනක් අවතැන්ව සිටිනවා.
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ආපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන්. ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්වල ද රාත්‍රි කාලයේ දී වැසි අපේක්ෂා කරනු ඇති. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222