- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක්
- මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කෙරේ
- අලි රොෂාන්ට වසර 15 බරපතල වැඩසහිත සිරදඬුවම්
- විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
- හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද
- ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
- දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
Author: VNews
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තරුණියක් මියයෑමට හේතුවූයේ කොත්තුවක් ආහාරයට ගැනීමෙන් බවට සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. එමෙන්ම මෙයට විරෝධය පල කරමින් හෙට දිනයේ සෞඛ්‍ය අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ද ඔහු සදහන් කළා. අසේල සම්පත් මහතා කියා සිටියේ දිවයින පුරා පවතින ආපන ශාලාද සෞඛ්‍ය අමත්යනාශය යටතේ පවතින බවයි . මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව අවධාරණය කළා .
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000 ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කර ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු පාර්ශවයන් වෙත දැනුම් දී තිබෙනවා. මුලතිව් දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාම නිලධාරිවරුන් සහ පළාතේ මහජන සංවිධානවල නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මහවැලි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලතිව් ජනතාවට අයත් ඉඩම් අක්කර ලක්ෂයක් පමණ බලහත්කාරයෙන් සීමා මායිම් යොදාගෙන ඔවුන් විසින් අත්පත් කරගෙන සිටින බවයි. මේ පිළිබද වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසුව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡාවකින් අනතුරුව එම ඉඩම් නිදහස් කරන ලෙස නියෝග ලැබී ඇති…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සදහා වූ නව පනත මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. දැනට පවතින තැපැල් ආඥා පනත මගින් තැපෑල නව්‍යකරණයට බාධා පැවතීම හේතුවෙන් කඩිනමින් එය සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර එහි කටයුතු මේ වන විටත් සියයට 80 කින් පමණ අවසන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. “ස්ථාවර රටකට – සැවොම එක මගකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.
රටේ ජනතාවට මේ අවස්ථාවේ ඡන්දයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණයකට වඩා ජනතාවට අවශ්‍ය වී ඇත්තේ මතුව ඇති ප්‍රශ්න විසදාගැනීම බවද ඔහු සදහන් කලා . වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී .
කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000 ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා. එය විවෘත කරනු ලැබුවේ පසුගිය 15 වන දා දිනයේදියි. කිසිදු ගාස්තුවක් අයකිරීමකින් තොරව මෙම කෘත්‍රිම වෙරළ තිරය නැරඹීම සදහා ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා වෙරළ ක්‍රීඩා, ජල ක්‍රීඩා, අවන්හල් මෙන්ම සාප්පු සංකීර්ණ අත්දැකීම් ලබා ගත හැකි වන පරිදි සේවා ජාලයක් ක්‍රියාත්මක බවයි කොළඹ වරාය නගර පාලනාධිකාරිය සඳහන් කළේ.
ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම ජයග්‍රහණය ඉන්දියාවට එරෙහිව ඉතිහාසයේ බංග්ලාදේශී කාන්තා කණ්ඩායම වාර්තා කළ සිය පළමු එක්දින තරග ජය වනවා. මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 44 කට සීමා කිරීමයි තරග විනිසුරුවන් තීරණය කළෛ්. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 152 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 35යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, හෙට පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, හෙට පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී , අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර එම හමුව යොදාගෙන තිබෙනවා . එහිදී බලය බෙදීම ,ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි, ඔහු සඳහන් කලා . මීට පෙර ද ජනාධිපතිවරයා සහ දෙමළ මන්ත්‍රීවරුන් අතර සාකච්ජා වට කිහිපයක් පවත්වනු ලැබුවා . උතුරේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ. එම පක්ෂය වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා සමග මීට පෙර පැවති…
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව දෙවැනි විස්සයි 20 තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යයට අනුව කඩුළු 06න් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහිදී එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමටයි තරග තීරකයන් කටයුතු කළේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 17 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 116ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 119ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කරනු ලබුවා.
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ රාත්‍රීයේ ලැබුණු තොරතුරක් අනුව මෙම මෙහෙයුම ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට අයත් ඩෝරා යාත්‍රාවක් නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු සමඟ අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ පස්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා. එහිදී පසුගිය සිකුරාදා පැවති තරගයෙන් නුවර කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 31ට 27ක් ලෙස පරාජය කරමින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ජය ගැනීමටයි සමත් වුණේ. මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ තරග 5ක් පැවැත්වුණා. එහිදී පළමු තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය විසින් ලකුණු 26ට 24ක් ලෙස ශාන්ත ජෝසප් කණ්ඩායම පරාජය කරමින් තරගය ජය ගනු ලැබුවා. මේ අතර දෙවැනි තරගයෙන් ඉසිපතන විද්‍යාලය ලකුණු 37ට 26ක් ලෙස ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබුවා. මෙහිදී විද්‍යා විද්‍යලය සමග පැවති තරගයෙන් ජය ගනු ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222