- අලි රොෂාන්ට වසර 15 බරපතල වැඩසහිත සිරදඬුවම්
- විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
- හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද
- ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
- දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
Author: VNews
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බවට එම කාන්තාවගේ සැමියා වන නාගරාජන් අජිත්කුමාර් විසින් (16) දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. මෙසේ අල්පෙනිති කටු ගසා වද හිංසාවට ලක් වි ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් තලවකැලේ ලිදුල ගැනිගල් වත්තේ හෙන්ෆෝල්ඩ් වත්තේ පදිංචි වි.සිවරංජනි (30) හැදිරි එක්දරු මවයි. තම නිවසේ පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ඉකුත් මස :17* දින කොළඹ ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා එජන්සියක් මාර්ගයෙන් තම බිරිද සෞදි අරාබියේ ගෘහසේවයට යැවු බවත්ල එහිදි එම රටේ භාෂාව නොදැනිම හේතුවෙන් තම බිරිදට එම නිවසේ හිමිකාර කාන්තාව ඇයට අවස්තා…
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා. දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව මෙම සේවකයන් පිරිස චංචාකර ඇති මුදල රුපියල් ලක්ෂ 78කට අධිකයි. අදාළ මුදල් වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමඟම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන සිදුකර කඩිනමින් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස යි.
තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දියත් කළ වැටලීමකදීයි. සැකකරුවන් වයස අවුරුදු 22ත් 23ත් අතරේ පසුවන හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන බවටයි වාර්තා වන්නේ. අදාළ ගංජා වගාව පවත්වාගෙන ගිය භූමියේ තිබී ගංජා පැල 8,800ක් සොයාගෙන තිබෙන අතර අදාළ භූමි ප්‍රදේශය පර්චස් 40ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන්.
අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා. පොලිස් ස්ථාන වල එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට සැකකරන නිලධාරීන් සම්බන්ධයෙන් අවදානය යොමුකර බුද්ධි නිලධාරීන් යොදවා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණ කරන ලෙසට පොලිස්පතිවරයා සියලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ගංජා පානය කර හසුවන පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේ ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කරන බවත්, හොරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරනය වන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් සේවයෙන්ද ඔවුන්…
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරමින් වී වගාවේ නිරත වන ගොවීන් සදහා සියයට 75 ක සහනාධාරයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාසය තුළදී එම සහනාධාර ලබා දීමට නියමිතව ඇති බවයි.
අද (17) සිට විශේෂ විරෝධතා මාලාවක් අරඹන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින්. සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේ රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග අද දහවල් විරෝධතාවයන් ක්‍රියාත්මක කරන බවයි. මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාවද තර කිරීමට අදාළ අංශ කටයුතු කර ඇති බව දැනගන්නට ලැබී ඇත.
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, පසුගිය ජුනි 15 වන දින සිට ගත වූ දින 30ක කාලය තුළ පුද්ගලයින් 29,578 දෙනෙකු ඒ සඳහා අයදුම් කර ඇති බවයි. ඉන් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහා ද, 24,285 දෙනෙකු සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ක්‍රමය ක්‍රියාවට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද මේ වන විට අවසන් වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළේ.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් වෘත්තිය පුහුණු පාඨමාලාවක් පාසල තුළදී ම හැදෑරීමට සිසුන් හට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එමෙන්ම පාසල් 1000 කට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම් ද ලබා දීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ. මෙම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකාවට ඉන්ධන බෙදා හැරීමේ අයිතිය ද අහිමි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මේ තුලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු වන බවයි . එමෙන්ම සෞඛය ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින අර්බුදය සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කළා . ටිල්වින් සිල්වා මහතා මේ බව සදහන් කලේ මීගමුවේ පැවති ආසන සමුළුව අමතමින් .
දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩංගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සහ දැරීමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරින් පිරිසක් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි පොලිසිය කියා සිටියේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියෙකු වන අතර අදාළ සැකකරු දොඩංගොඩ පොලිසිය වෙත භාර දී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222