- අලි රොෂාන්ට වසර 15 බරපතල වැඩසහිත සිරදඬුවම්
- විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
- හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද
- ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්
- දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි
- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
Author: VNews
යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතරවු ගැටුමක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ පසුගිය 16 වැනිදා පැවැත්වු පාපන්දු තරඟයක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන් ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි. ගැටුම පාලනය කිරීමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා තිබු අතර, පසුව ගැටුම පාලනය කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පෝලන්තයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 07දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගුවන් යානය කාඩා වැටී ඇති බවට අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් 11 දෙනෙකුට ජීවිත අහිමි කරමින් 2014 වසරේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු සිදු වූ දරුණුතම ගුවන් අනතුර මෙය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත ඊයේ සමත් වුනා. එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ එම තරගයේ දී මීටර් 65.38ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එහි පළමු ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩක අජීත් සිං දැක්වූ දක්ෂතාවය මීටර් 65.41ක්. තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩක රින්කූ මීටර් 65.38ක දස්කමක් සටහන් කර තිබුණා. මෙය දිනේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයක දී දිනා ගත් තෙවැනි පදක්කම වූ අතර ඔහු මීට පෙර 2017 සහ 2019 තරගාවලිවල දී රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරෙනු ඇති. එමෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා තුනක් රැස්වීමට නියමිතයි . මෙලෙස රැස් වීමට නියමිත වන්නේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ යන ආංශික අධීක්ෂණ කාරක සභා තුනයි . මේ අතර ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද දිනයේ පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහිදි එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ .…
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවත් දුර්වල වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313 යි ශත 29 ක් ලෙස සටහන් වුණා. එමෙන්ම අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 327 යි ශත 16 ක් ලෙසයි.
පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධිර මහත්මිය පැවසුවේ. කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුව විසින් හෙට දිනයේ හදිසියේම තේරීම් කාරක සභාවක් පත් කිරීම මගින් අධිකරණයට සහ මැතිවරණ කොමිසමට බලපෑමක් සිදු වන බවයි. අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව අවධාරණය කළා.
බැංකු තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම සෑම බැංකුවකටම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වෙනුවෙන් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.
රජයේ බදු ආදායම වසරේ මුල් මාස 6 තුළ සියයට 93 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ රුපියල් බිලියන 361 යි දශම 8 ක් වූ රජයේ බදු ආදායම මෙම වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 696 යි දශම 9 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වසරේ මුල් මාස 6 තුළ වැඩිම බදු ආදායම සමාගම් සහ සමාගම් නොවන ආයතන මගින් උපයා තිබෙනවා. එම මුදල රුපියල් බිලියන 243 යි දශම 8 ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම රුපියල් බිලියන 230 යි දශම 6 ක මුදල එකතු කළ අගය මත පැනවූ බදු ලෙස අයකරගෙන තිබෙනවා. මේ අතර වසරේ මුල් මාස…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද සිට සිය`ඵ පක්ෂ දැනුවත් කරන බව සමගි ජනබලවේගය පවසනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ එම විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වීමේ අවදානමක් පවතින බවයි. ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ද අදහස් පළ කළා.
ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා. එහිදි එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා. කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරුණු කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට ද සමගි ජනබලවේගය තීරණය කර තිබෙන බවයි විපක්ෂ නායක සජිත් පේ්්‍රමදාස මහතා ඊයේ පැවසුවේ. මේ අතර ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතායි. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා අදහස්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222