- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
සමගි ජන බලවේගය සමග එක්සත් ජනරජ පෙරමුණ අතර පැවති අවබෝධතා ගිවිසුමේ කොන්දේසි සමගි ජන බලවේගය පාර්ශවයෙන් ඒ ආකාරයට ඉෂ්ට නො වීම හේතුවෙන් තම පක්ෂය මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ගන්නා ලද තීරණයට එකඟ වෙමින් තමන් විසින් රත්නපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා අත්සන් කරන ලද නාම යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි. ගිවිසුම ප්‍රකාර ව තම පක්ෂය වෙත ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුරයක් හිමි වූ බවත්, ගැටලුව වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොව පක්ෂය සඳහා ලැබුණු නාම යෝජනා කෝටාව බවත් හෙතෙම සඳහන් කළේ ය. අද (11) පෙරවරුවේ…
2024 ඔක්තෝබර් මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy Sail Training Warship) ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 11) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි. මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Ma Wenyong සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් 2024 ඔක්තෝබර් මස 08 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, 2024 ඔක්තෝබර් මස 10 වන දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති…
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන්, Dang Khoa BUI අද දින (2024 ඔක්තෝබර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ප්‍රංශ නාවික උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් සමරු තිළිණයක් ප්‍රධානය කිරීමද සිදු කෙරිණි. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Jean-Baptiste TROUCHE ද සහභාගී විය.
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රි ලාංකිකයින් 36 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදිම අද දින (10/11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවූ 136 හා 137 වන කණ්ඩායම්වලට අයත් මෙම පිරිස ඔක්තෝම්බර් මස 14 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායමට කාන්තාවන් 29 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 07 දෙනෙකු අයත් වේ. 2024 ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 898 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබේ. ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා…
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දෙනු ලැබීය. සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024/08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පෙරවරුවේ හමු වූහ. ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අර්බුදකාරී තත්ත්වය අවම වුවද, අවශ්‍යතා පැන නඟින විටදී නව වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයාට කැමැත්ත පළ කළහ. ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික්, රජයේ හවුල්කාරීත්ව නිලධාරී මුස්තාෆා නිහ්මත්, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත ජෙර්ඩ් රෙබෙල්ලෝ, ජනාධිපති අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු…
මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි විය. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ආශ‍්‍රිතව ඇති වන අවිනිශ්චිත තත්ත්වයන් දඩමීමා කර ගනිමින් ගැටුම් ඇවිලවීම සහ අවසානයේදී බංග්ලාදේශයේ නිර්මාණය කළ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ. එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව…
මහනුවර සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගය හරහා පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා (10) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පතන පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ (10) දින දහවල් 12 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා වත්ත ප්‍රදේශයේදිය. අධික වේගයෙන් ධාවනය කර ඇති මොටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා කිහිප වරක් පෙරලි මාර්ගය අභියස පිහිටි මාර්ග සංඥා කණුවක ගැටි මොටර් රථය නතර වි ඇත. අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, අධික වේගය අනතුරට හේතුව…
ශ්රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින බොරැල්ල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) සහ ප්‍රවාහනය සඳහා භාවිතා කල ලොරි රථය (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද විශේෂ තොරතුරකට අනුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 ඔක්තෝබර් මස 09 වන දින දිවා කාලයේ බොරැල්ල ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයකු (01) සහ ඔහු ගමන් ගත් ලොරි රථය පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබු මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) සහ ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට…
ශ්රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් 10/09 දින පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියේය . සභාපති : සරත් ගනේගොඩ අධ්‍යක්ෂ මණ්ඩලය බුද්ධික හේවාවසම් . සුගත් රාජපක්ෂ . එරංග රොහාන් පීරිස් ගුණතිලක . ඩී.අරන්දර . ආනන්ද අතුකෝරළ . ලක්මාල් රත්නායක . නිරංජන් අරුල්ප්‍රගාසම්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222