Author: VNews

පවතින ඖෂධ විෂ වීම් හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහා සිදු කරන අත්සන් තැබීම මේ වන විට ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද සහභාගි වීමට හැකියාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන හතයි විසිදෙකටයි වෙඩි තැබීම සිදුව ඇත්තේ. ඕක්ලන්ඩ්හි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භයට පැය කිහිපයක් තිබියදී මෙම වෙඩි තැබීම සිදු වීම විශේෂත්වයක්. සිද්ධියෙන් තවත් හය දෙනෙකු තුවාල ලැබුවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර ඇත්තේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක පළ නොකරන බවයි.

තව කියවන්​න

මාවතගම නගරයේදී අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් ලුහුබැඳ එහි තිබූ තියුණු ආයුධ ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කළ සිව් දෙනෙකු පලා ගොස් ඇති අතර එහි රියදුරු බීමත්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිසිය විසින් මෝටර් රථයේ තිබී කඩු 4 ක්, විදුලි ඩෙටනේටර් 9 ක්, ජෙලග් නයිට් කූරක් මෙන්ම ඇමෝනියම් කිලෝ 1 යි ග්‍රෑම් 300 ක් සහ කැණීම් උපකරණ කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

තව කියවන්​න

යාපනය මුමුනෙයි ප්‍රදේශයේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 11ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 35ක් සොයාගෙන තිබෙනවා. මෙම මෙහයුම නාවික හමුදාව විසින් සිදු කළ අතර, අදාළ කේරල ගංජා තොගය මාමුනෙයි ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබූ බවයි නාවික හමුදාව සදහන් කළේ. කුඩා පාර්සල් 18ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 900ක් පමන මෙහිදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හේවත් කෝප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද කෝප් කමිටුව හමුවට දේශීය ණය සහ සංවර්ධන අරමුදල කැඳවීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර අද දිනයේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා 09ක් පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසුවා . මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලා .

තව කියවන්​න

ඉන්දීය ශ්‍රේෂ්ඨ නායකයන්ගේ නායකත්ව ගුණාංග අධ්‍යනය කරමින් මෙරට දරුවන්ගේ නාකත්ව හැකියාවන් වර්ධනය කලයුතුබව ත්‍රිපිටකාචාර්‍ය රමේෂ් මධුෂංක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අශෝක රජතුමා, මහත්මා ගාන්ධි සහ අම්බෙක්කාර් වැනි චරිත තුළින් මෙරට දරුවන්ට නාකත්ව ගුණාංග පිළිබඳ යහපත් අවබෝධයක් ලබාගත හැකි බවයි. ඔහු මෙම අදහස් පලකලේ ” සවුත් – සවුත් චින්තන පර්ෂධය” බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දී සංවිධනය කර තිබූ ” සාර දහම් ” වැඩසටහනට එක්වෙමින්. බෙල්ලන්විල රජමහා විහරයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ දහම්පාසලේ ගුරු බවතුන් ඉලක්කකරගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධනය කරතිබුනා. මෙම සම්මන්ත්‍රණයේදී නායකත්වය හා ආකල්ප වර්ධනය, දහම් පාසලේ අභ්‍යන්තර සංවර්ධනය සදහා උපාය මාර්ග, ජාතික…

තව කියවන්​න

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පකිස්තානයේ සිට බටහිර් සහ යුරෝපා රටවලට නීතිවිරෝධීව ඇතුළු වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා. ඒ හමුවේ මිනිස් ජාවාරම ද ඉහළ ගොස් ඇතැයි සඳහන්. නවතම වාර්තා අනුව සෑම වසරකම පකිස්ථානුවන් 30,000 සිට 40,000 දක්වා නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවල් නීතිවිරෝධී පකිස්ථානු සංක්‍රමණිකයන් පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා. ඊට හේතුව වන්නේ සංක්‍රමණිකයි ආගමික අන්තවාදීන් ලෙස කටයුතු කිරීම හේතුවෙන් බව සඳහන්. එය අමෙරිකාවට මෙන්ම යුරෝපානු රටවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කරන බව හඳුනා ගෙන තිබෙනවා. ඉතාලිය තුළ පමණක් මේවනවිට පකිස්ථානුවන් 120,000ක් පමණ ජීවත් වන බවයි…

තව කියවන්​න

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා. ඒ සඳහා ඡන්දයක් පවත්වා නොමැති අතර මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයක්. පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දින දෙකක් පැවැත්වුනා . පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බැලීම ඊයේ( සිදුකෙරුණු අතර පනත තුන් වැනි වර කියවා සම්මත කෙරුණේ ඉන් අනතුරුවයි . දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසි අටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයාට දැනුම් දුන්නා .ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කළා . නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව…

තව කියවන්​න

ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් සිදු වූ සැක සහිත මරණ 11 ක් පිළිබද වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව අවධාරණය කළා. එමෙන්ම දිවයින පුරා රෝහල්වල ඇති ප්‍රමිතියෙන් තොර ඖෂධ කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා සදහන් කළා. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ ලියාපදිංචි කර නොමැති ඖෂධ දිවයින පුරා බෙදාහැරෙමින් තිබෙන බවයි. එහිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අදහස් පළ කළා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබද විශ්වාසය බිඳ දැමීමට ඇතැම්…

තව කියවන්​න