Author: VNews

වැඩ බලන ජනාධිපති ලේකම් ධුරය සඳහා චාන්දනි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම හේතුවෙනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ධුත පිරිස අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

තව කියවන්​න

ලිට්‍රෝ සමාගම ලාභය ලෙස ඉපයූ රුපියල් බිලියන 1.5 ක් අද භාණ්ඩාගාරයට ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා. එම සමාගම් මූලස්ථානයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඒ මහතා මේ බව සඳහන් කලේ. ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම ලාභයේ නියම අයිකරු වන රජයට එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා යොමු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

තව කියවන්​න

අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගේ ඡායාරූප පෙන්වන බව පවසමින් බිය ගන්වා රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප එම කාන්තාවගේ සැමියාට පෙන්වන බවට අදාළ සැකකරු පවසා ඇති අතර එලෙස ඇය සන්තකයේ තිබූ රුපියල් 1,785,000ක් වටිනා රන් භාණ්ඩ බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් ඊයේ (19) උදෑසන මීගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී සිදුවීමට අදාළ සැකකරු මීගමුව පොලීස් වසමේ ගෝමස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23ක් වූ ගෝමස්වත්ත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් බලෙන් ලබාගත් රන්…

තව කියවන්​න

ව්‍යාපෘති කළමනාකරණ ආයතනය 6 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේල ඊට අදාළ සමුළුව 16 වැනිදා පෙරවරුවේම පැවැත්වෙන බවයි. 2023 වසරේදී සියලුම ව්‍යාපෘති ඇගයීමට ලක් කරමින් එහි විශිෂ්ඨ යන අගය මෙන් මෙම සම්මාන පිරිනැමීමට නියමිතයි. විශිෂ්ඨතා සම්මාන කාණ්ඩ 20 ක් යටතේ මේ සඳහා ඉල්ලුම් කළ හැකි වනවා. සම්මන්ත්‍රණය එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමට නියමිත අතරල වෘත්තිකයින්ගේ දේශනද මේ සඳහා ඇතුළත්. වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර සමුළුව සඳහා දෙස් විදෙස් ව්‍යාපෘති කළමනාකරණ සාමාජිකයින් එක්වීමට නියමිතයි. මෙරට සංවර්ධනයට දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති…

තව කියවන්​න

ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 93ක්. 1930 මැයි 6 වැනිදා මීගමුවේ පල්ලන්සේනේදී උපත ලද ප්‍රනාන්දු මහතා 1950 දශකයේ තේ රස පරීක්ෂකවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය දියත් කළ අතර පසුව තේ වතුකරුවෙකු ලෙසද සේවය කළා. 1985 දී ඔහු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ‘ඩිල්මා’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළට නිරාවරණය කරමින් එහි විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළා. ඔහුගේ පුතුන් දෙදෙනා වන දිල්හාන් සහ මලික්ගේ නම් ඇතුළත් කර Dilmah තේ සන්නාමය නිර්මාණය කරන ලද අතර එය පසුව ජනප්‍රිය සන්නාමයක්…

තව කියවන්​න

මහජන නියෝජිතයින් විසින් මේ වන විට ජනතාවගේ වරප්‍රසාද කඩකර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීම පිළිබදව විමර්ශනයට පුරවැසි කමිටුවක් නිර්මාණය කළ යුතුව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

තව කියවන්​න

අද පෙරවරු 8.30 සිට හෙට පෙරවරු 8.30 දක්වා ඩීන්ස් පාර, කොළඹ රෝහල් චතුරශ්‍රය ඇතුළු අතුරු මාර්ගවල විරෝධතා පාගමන් වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාළිගාකන්ද පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. රෝහල්වල පවතින ඖෂධ හිඟය මෙන්ම තවත් කාරණා රැසක් මුල් කරගනමින් සෞඛ්‍ය වෘත්තියවේදීන් විවිධ විරෝධතා මෙම දිනවල සංවිධානය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 83ක් අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 299ක් රැස් කරගෙන සිටියා. දෙරට අතර පැවති අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරග තුනෙන් 2ට එකක් ලෙස ජයගත් ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

2022 අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. ඒ, පිළිතුරු පත්‍ර ඇගයීම සදහා ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන්. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ මේ හේතුවෙන් විද්‍යා විෂයන්ට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 2 ක් යටතේ සිදු කිරීමට නියමිත බවයි. ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් ඇගයීමේ රාජකාරි සදහා ගුරුවරුන් නිදහස් නොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ උසස් පෙළ සිසුන් සදහා පැමිණීමේ සියයට 80 වේ සීමාව 40 දක්වා අඩු කිරීමට තීරණය කළ බවයි. මීට…

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 07.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරගාවලියේ තරග 1ට බිංදුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න