Author: VNews

රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව එස් ජනක චන්ද්‍රගුප්ත මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආයතන සංග්‍රහයේ ඇති වගන්ති කිහිපයක් උපුටා දක්වමිනුයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවයි එමගින් පෙන්වා දෙන්නේ. එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

රජයට අයත් වාණිජ වටිනාකමින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට යොදා ගැනිමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. රට පත්ව තිබු ආර්ථික තත්ත්වය හමුවේ අතරමග නවතා දැමුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ ආයෝජකයින්ට අවසන් දැනුම්දීම් සිදුකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා. අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ නොකරන්නේ නම් ඒවා රජයට පවරාගෙන නව ආයෝජකයින්ට ලබා දීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

තව කියවන්​න

මස්කෙළියල ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක වු බැවින්ල එම පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා භාරයට පෙරේදා (20) ගත්බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසනවා. කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට වනජීවී නිලධාරීන් විසින් පැය 72 ක පමණ කාලයක් දැඩි පරිශ්‍රයක් දැරූ  මුත්,  පැටවුන් රැගෙන යාමට කොටි මව පැමිණියේ නැති  බව එම  නිලධාරීහු සදහන් කරන අතර කොටි මව මෙම පැටවුන් දෙදෙනා රැගෙන යාමට නොපැමිණියේ බොහෝ විට කොටි මවට තවත් එක්…

තව කියවන්​න

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පවත්වා තිබෙනවා. නවදිල්ලි නුවරදී එම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මේ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරුවේදී හමු වුණා. එමෙන්ම මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බහුවිධ ව්‍යාපෘති ගවේෂණය කිරීම සදහා ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි ඉන්දියාවේ සංචාරයක් සදහා පිටත්ව ගියේ.

තව කියවන්​න

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ 679 ක් සදහා ඇණවුම් ලබා දී ඇති අතර ඉන් ඖෂධ වර්ග 278 ක් මේ වන විට රටේ ඖෂධ පද්ධතිය තුළ භාවිත වන බවයි. භාවිත වන ඖෂධ සම්බන්ධයෙන් මෙතෙන් කිසිදු ගැටලුකාරි තත්ත්වයක් වාර්තා වී නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම කොළඹ ජාතික අක්ෂි රෝහල ඇතුළු රෝහල් කිහිපයක ගැටලුකාරි තත්ත්වයක් මතු කළ ඖෂධයේ…

තව කියවන්​න

අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ පෝෂණ වැඩසටහන සඳහා ආහාර ලබා දෙන සමෘද්ධි ලාභින් ඇතුළු සැපයුම්කරුවන්ගේ මුදල් මැයි මාසයේ සිට ගෙවා නොමැති බවට ඔවුන් චෝදනා කරනවා. කලාප අධ්‍යාපන කාර්යාලය හරහා එම ගෙවීම් සිදු කරන අතර ආහාර සැපයුම්කරුවන් ප්‍රකාශ කර සිටියේ කලාප අධ්‍යාපන බලධාරින්ගෙන් විමසීමේදී මේ දක්වා ඔවුන් වෙත ඊට අදාළ මුදල් ලැබී නොමැති බවට දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. මෙම වැඩසටහනට සඳහා ආහාර සැපයීමට සමෘද්ධි ආධාර ලබන පවුල්වලට අවස්ථාව සලසා දෙනු ලැබුවේ ඔවුන්ට ඒ හරහා යම් ආදායමක් ලබා ගැනීමට හැකි වන ලෙසයි.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි. දෙවන දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 72ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 384ක් ලබාගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 317ක්. ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ගැසට් නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් නාම යෝජනා කැදවීමට පෙර අනෙකුත් ප්‍රාදේශීය සභාවල කාලයද වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගත් අතර ඒ අනුවයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලය මෙලෙස වසරකින් දීර්ඝ කර ඇත්තේ.

තව කියවන්​න

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 84ක් අවසානයේ කඩුළු 04ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 288ක්. විරාත් කෝලි ලකුණු 87ක් සහ රවින්ද්‍ර ජඩේජා ලකුණු 36ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

තව කියවන්​න

පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු මහවැලි ගඟට පැන පිහිනා පළායමට උත්සහ කිරීමේදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙම රැඳවියා බන්ධනාගාරය තුළ වගා අංශයේ වැඩට යොදවා සිටියදී මෙලෙස පළායාමට උත්සහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අතුරුදන් වූ රැඳවියා 36 හැවිරිද බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට වරදකරුවී පසුගිය 12 වැනිදා දිය මොහු මාස 03ට බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර තිබුනේ. අතුරුදන් රැඳවියා සොයා නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ සහය ඇතිව පල්ලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න