Author: VNews

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා. ඒ අනුව අනිද්දා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බව සදහන් . ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවටයි වාර්තා වන්නේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා . පසුගියදා සිය ඉන්දිය නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද, 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබුනා .

තව කියවන්​න

පාසල් රග්බි ලීග් තරගාවලියේ ඒ කාණ්ඩයේ හයවන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා. එහිදී පසුගිය සිකුරාදා පැවති තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 13ට 10ක් ලෙස පරාජය කරමින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ජය ගැනීමටයි සමත් වුණේ. මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ තරග 3ක් පැවැත්වුණා. එහිදී පළමු තරගයෙන් වෙස්ලි විද්‍යාලය ලකුණු 24ට 11ක් ලෙස පරාජය කරමින් ඉසිපතන විද්‍යාලය ජය ගනු ලැබුවා. මේ අතර දෙවැනි තරගයෙන් ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 29ට බිංදුවක් ලෙස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුණා. මෙහිදී පැවති තවත් තරගයකින් 13ට 10ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කරමින් ජය ගනු ලැබුවේ ත්‍රිත්ව විද්‍යාලයයි.…

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

මධ්‍යම අප්‍රිකාවට අයත් රටක් වන කැමරූන් හී ඩුවාලා නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය පෙරවරු 9.30ට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුසංකට අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට තොරතරු වාර්තා වනවා. දිල්ෂාන් අද සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් වරම් හිමිකර ගත් 164 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වනු ඇති. මේ අතර සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා .

තව කියවන්​න

2023 වසරේ 2 වන පාසල් වාරයේ පළමු වන අදියර අද ආරම්භ කෙරෙන අතර, එම පාසල් වාරය අගෝස්තු 17 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ අනුව අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පාසල්වලට නිවාඩු ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. 2 වන පාසල් වාරයේ 2වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි. 3 වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. උසස් පෙළ විභාගය හේතුවෙන් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පාසල්වලට නිවාඩු ලබා දිමට නියමිතයි . එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර 2024 වසරේ ජනවාරි පළමු…

තව කියවන්​න

ජපාන රජය පෙම්වතුන් කුළියට දීම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය වසර 5 තුළ ජපානයේ තනිව ජීවත් වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබිම එයට හේතුවයි. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ජපානයේ බොහෝ තරුණ තරුණියන් පෙම්වතුන් සොයා නොයැමෙන් මානසිකව හෙම්බත් වී සිටින බවත් ඒ අනුව පෙම්වතුන් කුලියට දීමේ ව්‍යාපෘතියට එරට රජය අනුමැතිය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙහිදී පැයකට හෝ දෙකකට පෙම්වතියක් හෝ පෙම්වතෙක් කුලියට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා අදාළ වෙබ් අඩවියට අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවයි වාර්තා කරන්නේ.

තව කියවන්​න

තද සුළං තත්ත්වය හේතුවෙන් අකුරැස්ස අමරාගොඩ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ ගරාජයක් තුළට මෙම ගස වැටි ඇති අතර එම අවස්ථාවේ ඒ තුල සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. වාහන අලුත්වැඩියා කටයුතුවලට පැමිණි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

තව කියවන්​න

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය කරන බවට රජය විසින් ප්‍රසිද්ධ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් වෙනම ඒකකයක් පිහිටුවා ඇති බවයි. ඒ සඳහා පත්කළ නිලධාරින් විසින් මේ පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. අද පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිලිබඳ සඳහන් කළා. එහිද වැඩි දුරටත් අදහස් පල කල අමාත්‍යවරයා සඳහන් කලේ රාජ්‍ය ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරය මඟින් මුදල් වැය කිරීමට නොහැකි බවයි. එබැවින් ඉදිරියේ දී ඇතිවන ආර්ථික තත්ත්වයන්ට මුහුණ දිය හැකි ආකාරයේ රාජ්‍ය ව්‍යාපාර නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

තව කියවන්​න

වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) නමැති කැනයුලා වර්ගය ද තත්ත්වයෙන් බාල බැවින් වහා ම භාවිතයෙන් ඉවත් කරන්නැයි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් දී තිබේ. මෙම කැනයුලා වර්ගය ඉන්දියානු සමාගමක නිෂ්පාදනය කොට මෙරටට එවන ලද කැනයුලා තොගයකි. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් තවත් නිර්වින්දන එන්නතක් වන ‘ප්‍රපොෆොල්’ නමැති එන්නත ද භාවිතයෙන් ඉවත්කොට ඇතැයි වාර්තා වේ. එය ඉන්දියාවේ ‘නන්දනී මෙඩිකල් ලැබොරටරීස්’ නමැති ආයතනයක නිෂ්පාදනයකි. මෙම ඖෂධ ඉවත් කරන්නැයි දන්වා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළුව සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය…

තව කියවන්​න