- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
Author: VNews
දුම්රිය රියදුරු වෘත්තිය සමිතිය විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සදහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් ඊයේ සහ අද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ. මේ සම්බන්ධයෙන් දුම්රිය නගා සිටුවීම සදහා වූ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා ද අදහස් පළ කළා. කෙසේ වෙතත් මගීන් පවසන්නේ මෙම වර්ජනය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි. මෙය…
ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වන දා සිට එය වසා දමනු ඇති. අනතුරුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමග ද්විපාර්ශ්වික සබඳතා සදහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දුම්රිය සේවකයින්ට යම් ගැටලුවක් පවතින්නේ නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෝෂණය කරනු ලබන ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ සදහා නව සටනක් ආරම්භ කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
දේශීයව නිෂ්පාදිත ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් පදනම් කරගනිමින් එම තීරණය ගත් බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නිෂ්පාදන සමාගමට ද දන්වා ඇති බවයි වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ. අදාළ කාණ්ඩය භාවිතය අත්හිටවුවද කිසිදු ඇස්ප්‍රින් හිඟයක් රට තුළ මතු නොවනු ඇති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා. සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිත කරමින් ඉන්ධන සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, එමෙන්ම රටට ප්‍රතිලාභ අත්කර දෙමින් ඉන්ධන සැපයීමේ තරගකාරිත්වයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවටයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. ඉදිරියේදී සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර ඊට සාපේක්ෂව ූඍ කේතය පිළිබදව තීරණයක් ගැනීමට අපේක්ෂ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ඇල්ල ප්‍රදේශයේ ආරුක්කු 9 මෙන්ම ආරුක්කු 3 ප්‍රදේශයට ඉහළින් පිහිටා ඇති කඳු රක්ෂික කොටසේ හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා. පොලිසිය, ප්‍රදේශවාසින්, යුධ හමුදාව මෙන්ම ගුවන් හමුදාව සහ බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව මෙලෙස හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. අදාළ ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව සොයා ඇල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසී සපුරාලීම සදහා වන පාර්ලිමේන්තු ක්‍රියාවලියෙන් සියයට 80 ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ. මේ අතර ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීමට අදාළ රෙගුලාසි ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලවයි. ඒ අනුව ලබන 8 වනදා හෝ 9 වනදා ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින්…
2022 – 2023 වර්ෂවලදී ඖෂධ මිලදී ගැනීම් සහ බෙදාහැරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සියලු ආයතන ආවරණය වන පරිදි එම විමර්ශන සිදු කරනු ඇති බවයි. ඒ අනුව එළඹෙන සතියේදී එම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවටයි ඒ මහතා කියා සිටියේ. එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය සම්බන්ධයෙන් මෑත කාලය තුළදී දිගින් දිගටම තොරතුරු වාර්තා වීමත් සමග ඖෂධ මිලදී ගැනීම් සහ ඒවා බෙදාහැරීම් පිළිබදවද නව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි විගණකාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි ලබන සතියේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල මෙම සංචාරය සිදු කිරීමට නියමිතව ඇති බවයි විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. අදාළ සංචාරයට ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු සෙසු නිලධාරින් 24 දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව සදහන්. 2019 වසරෙන් පසු ජපානයේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා. අදාළ සාකච්ඡාවේදී ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා – ජපාන ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222