- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
Author: VNews
වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සියලුම ආගමික ස්ථාන වල සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකගතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ . ඇතැම් ආගමික ස්ථාන වල දේපළ සහ ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් මෙන්ම වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුවූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට ආරාධනා කර ඇති බවද වාර්තා වනවා . කෙසේ වෙතත් මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය පක්ෂ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ .
තාවකාලිකව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා . මෙම කාර්යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙනයාම හේතුවෙන් අදාල තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ . ඒ අනුව ජුලි මස 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුල මහජනතාවට මෙම කාර්යාලය මගින් සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවනු ඇති . වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබන අතර එය කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, ප්‍රදේශයේ පිහිටි ගොඩගිල්ලකට රැගෙන යෑමට නියමිතයි . මෙහි හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන බවත් 070 11 07 788 යන අංකයට වට්ස්ඇප්…
උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 34දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම ලැව්ගිණි හේතුවෙන් දහස් සංඛ්‍යාත පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ. ඇල්ජීරියාවේ පළාත් 16ක ස්ථාන 97දී ලැව්ගිනි හටගෙන ඇති අතර, ගිනි නිවීම සදහා ගිනි නිවන භටයන් 8,000ක් යොදවා තිබෙනවා.
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 28යි පන්දු 3ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 145ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 21ක් පිටුපසින් පසුවනවා.
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර තිබෙනවා . අදාළ පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම් දීමටයි කටයුතු කලේ . එම මෝසම ඉදිරිපත් කර ඇත්තේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන නඩුවට අදාළවයි. සුදුසුකම් ලත් පර්යේෂකයෙකු යොදවා අදාළ ශාකයේ මුල සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණය මෙහිදී දැනුම් දී තිබෙනවා. පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි එම ශාකය පිලිබදව මෙලෙස අදහස් පල කලා
පාසල් සිසුවියක් තම නිවසේ මුළුතැන්ගෙහි තුල ඊයේ (23) දින රාත්‍රියේ සාරියකින් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුුුවා. මෙසේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ බගවන්තලාව වැපල්ටන් වත්තේ පදිංචිව සිටි එස්.ප්‍රියදර්ශනි නමැති 15 හැවිරිදි සිසුවියයි. මියගිය පාසල් සිසුවිය බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ. මිය ගිය සිසුවියගේ පියා මව හැර ගොස් ඇති බවත්, මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, හය දෙනෙකුගෙන් සමන්විත එම පවුල රැක බලාගනු ලබන්නේ මියගිය සිසුවියගේ වැඩිමහල් සහෝදරිය විසින් බවයි පොලිසිය කියා සිටියේ. වැඩිමහල් සොහොයුරිය සමග ඇති කරගත් බහින් බස් විමක් හේතුවෙන් උරණ වි…
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වීම සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. අද පස්වරුවේද දුම්රිය අවලංගු කිරීම් සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ සම්බන්ධයෙන් දුම්රිය රියදුරු සංගමය සහ පාලනාධිකාරිය සමග අද පස්වරුවේ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දුම්රිය සේවකයින්ට යම් ගැටලුවක් පවතින්නේ නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
අගෝස්තු මාසය වන විට උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ජුනි මාසයේ උද්ධමනය සියයට 10.8 ක් ලෙස වාර්තා වන බවට ඔහු සදහන් කළා.
බිත්තර කිලෝග්‍රෑම් ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමුව ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර වෙළඳසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ 2 ක් අවශ්‍ය නොවන බවත් ඔහු පැවසුවා. ඒ හේතුවෙන් එක් ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර රජය විසින් බිත්තර සදහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන්නේ නම් සතියකින් බිත්තර වෙළදපොලට නිකුත් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් පාරිභෝගිකයින් ද දැඩි අපහසුතාවයට පත්ව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222