- දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
- ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
Author: VNews
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී එම කටයුතු සාධාරණ ලෙස සිදු කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතින්ගේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ඇන්ඩි්‍ර අතර පැවති හමුවකදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සදහා වූ සැලසුම් ද ජනාධිපතිවරයා විසින් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කර තිබෙනවා.
අද පෙරවරුවේදී ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කර තිබෙනවා. දුම්රිය රියදුරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා සදහන් කළේ අද පෙරවරුවේදී කාර්යාල දුම්රිය ධාවනය කිරීම සඳහා රියදුරු සහයකයින් සේවයට වාර්තා කර නොමැති බවයි. මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට රඹුක්කන, පොල්ගහවෙල සහ ගම්පහ ඇතුළු දුම්රිය ස්ථාන වෙත ධාවනය වීමට තිබූ දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වූ බව සඳහන්.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අභිරහස් ලෙස කපා කොටා 30 හැවිරිදි තම පුතු ඝාතනය කර වගා ලිදකට දමා සාක්ෂි වසම් කරමින් සිටි නරුම පියෙකු දීර්ග විමර්ශනයකින් පසු නීතියේ රැහැනට ඊයේ(24) සවස හසු කර ගත් බව කැබිතිගොල්ලෑව කොටිඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ 54 හැවිරිදි දිවුල්ලෑව, කුඩාපට්ටිය, කහටගස්දිගිලිය යන ලිපිනයේ පදිංචි උපුල් පියන්ත නැමැති නරුම පියෙකි. 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින දිවුල්ලෑව, කුඩාපට්ටිය ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදු කර තිබුණි. එම ප්‍රදේශයේ පැවැති බණ පිංකම් මාලාවකට සහභාගි වෙමින් අනතුරුව නිවසට පැමිණෙමින් සිටි මිය ගිය අමිල පියන්ත නැමති තරුණයා තම නරුම පියා විසින් කිහිප වතිවකම ඝාතනය කිරීමට උත්සහ දරා ඇති බව…
මීගමුව පොලිස් වසමේ ලියනගේමුමුල්ල, සීදූව ප්‍රදේශයේ අවුරුදු 17 ක දැරියක් 2023.06.17 දින සිට අතුරුදහන්වී ඇති බව දැරියගේ පියා විසින් මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අතුරුදහන් වූ දැරියසේ විස්තර නම – ආරච්චි ගයාත්‍රී දෙව්ශානි සූරියසිිංහ වයස – අවුරුදු 17 මාස 05 මෙම දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර දැරිය සොයො ගැනීම සඳහා මහජන සහය පතයි. දැරිය පිලිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංකයන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක 071-8591630 මීගමුව පොලීසිය 031-2222227
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරය පිරිනමා තිබෙනවා. කාම්බෝජයේ පැවැත්වෙන විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර ලෝක නායකත්ව සමුළුවේදියි මෙම සභාපති ධුරය පිරිනමා ඇත්තේ. මේ අතර කාම්බෝජයේ මහ මැතිවරණය නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ප්‍රධාන නිරීක්ෂකයා ලෙසද මොහු එරට ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර ඇති බව සඳහන්.
මෙරටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ ඇතැම් සීමා කිරීම් ලිහිල් කර තිබෙනවා. 2020 වසරේදී මෙම සීමාකිරීම් සහ අත්හිටුවීම් පැනවීමට පියවර ගනු ලැබුවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගැනීමට සහ රට තුළ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහායි. කෙසේ වෙතත් විදේශ විනිමය වෙළදපළ තුළ අපේක්ෂිත සංවර්ධනයක් සැලකිල්ලට ගනිමින් ගනුදෙනු කිරීමට ලිහිල් කර ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. මීට පෙර නිකුත් කරන ලද නියමය යටතේ සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කීමේදී යටත් කර තිබූ සීමාව වුනේ ඩොලර් 30,000 ක් පමණයි. කෙසේ වෙතත් නව නියමය යටතේ එය ඩොලර් 50,000 ක උපරිමය දක්වා ඉහළ නංවා තිබෙනවා.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ හදිසි මිලිදී ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවාද, ඒවාට වැය කර ඇති මුදල කොපමණද යන්න දැනගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදී ගැනීම්වලින් ඉවත්ව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා. මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින වෘත්තිය සමිති කිහිපයකට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඕල්කට් මාවත, යොර්ක ශාන්ත පාර, බැංකු ශාන්ත පාර, ලෝටස් පාර, චැතම් වීදිය…
කංසා සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමාව ඉල්ලා තිබෙනවා. පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහමහතා මෙලෙස සමාව ඉල්ලා සිටියේ අදාළ කොස්තාපල්වරයාට එරෙහිව පැවති නඩුව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. පොලිස්පතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙහිදී විවෘත අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනීතිකව, පළිගැනීමේ චේතනාවෙන් , සැලසුම් සහගතව බවට විමර්ශනවලදී හෙළිවූ බවයි. මේ නිසා තම සේවාදායකයාට රැකියාව අහිමිව කලක් රක්ෂිත බන්ධනාගාර ගතව…
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පවසන ආකාරයේ අර්බුධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසනවා . එම පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ . සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇති ඇතැම් අඩු පාඩු ඉතා කඩිනමින් සකස් කර ගත යුතු බවයි මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කලේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222