- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස 10 දෙනෙකු පිටත්ව ගිව බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ. මෙම සංචාරය සදහා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශන සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණ විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ද එක්ව සිටිනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
වසරට 50ට පමණ පසු රුසියාව විසින් සද මතට යැවූ ලූනා 25 නැමැති යානය සඳ මතට ගොඩ බැස්සවීමට පෙර කඩා වැටී තිබෙනවා. ඒ අනුව කඩා වැටුණු යානය සමග සම්බන්ධ වීමට පසුගිය දෙදින තුළ ගත් ක්‍රියාමාර්ග අසාර්තක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ලූනා 25 නැමැති යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ රුසියාව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශූරතාවය දිනා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 147 ක් . මෙහිදී නායක කුසල් මෙන්ඩිස් පන්දු 23 කින් ලකුණු 22ක්, සධීර සමරවික්‍රම පන්දු 30 කින් ලකුණු 36ක් සහ ධනංජය ද සිල්වා පන්දු 29 කදී ලකුණු 40 ක් රැස් කරනු ලැබුවා. කුසල් ජනිත් පෙරේරා පන්දු 25 කින් නොදැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 31ක් . පන්දු යැවීමේ දී…
2023 මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය අද සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කුඹල් පෙරහැර අද සිට අගෝස්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර රන්දෝලි පෙරහැර අගෝස්තු 26 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්…
ශ්‍රි ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6 ක් වෙනුවෙන් අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මෙය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඇතුලු රජයේ මෙන්ම තවත් අංශවල දායකත්වය ඇතිව ආරමිභ කර තිබෙනවා. මේ අතර යුනිසෙෆ් සංවිධානය පවසන්නේ දිවයින පුරා සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් කොවිඩි සහ ආර්ථීක අර්බුධය හේතුවෙන් අභියෝග රැසකට මුහුන දෙමින් සිටින බවයි. 3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම් සහ සාක්ෂරතාවය වැනි මුලික කුසලතාවන්හි අවම මට්ටම් පවා ලබාගෙන නොමැති බවයි…
අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට පැමිණ තිබෙනවා.ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිත බවයි වාර්තා වුණේ. ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව ඒ සඳහා එක්ව සිටින කොන්ග්‍රස් සභික රිච් මැක්කොමික් පවසා තිබෙනවා. එළඹ ඇත්තේ ඒ සඳහා හොඳම කාලය බවයි ඔහු පවසා ඇත්තේ. චීන තර්ජන හමුවේ ඉන්දු – අමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම වැදගත් බව ද ඔහු පවසනවා.
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රණය සවිමත් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් හෙට සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා . හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගම් මට්ටමේ ප්‍රශ්න හඳුනාගැනීම වෙනුවෙන් ආරම්භ කරන ලද “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දිගුවක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තීරණය කර තිබෙනවා. පොදුජන පෙරමුණු වෙනුවෙන් නවක සාමාජිකයන් බඳවා ගැනීම, කමිටු සභා පිහිටුවීම, ගමේ ප්‍රශ්න හඳුනාගන ඒවාට විසඳුම් ලබාදීම, තරුණ ප්‍රජාව පක්ෂයට ආකර්ෂණය කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම පොදුජන පෙරමුණු ප්‍රබලයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, පක්ෂ ප්‍රධාන…
56 වැනි එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ලේක් හවුස් ආයතනය ඉදිරිපිටදී පැවැත්වීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. මේ අතර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇති බවයි.
පසුගිය කාලය පුරාම කැලෑ ගිනි තැබීම් වාර්තා වී ඇති බව පරිසරවේදීන් පවසනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ නියං තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ගෙවී ගිය මාස 2 තුළ පමණක් කැලෑ ගිනිතැබීම් 160 ක් පමණ වාර්තා වී ඇති බවට පරිසරවේදීන් පවසනවා. එම සියලු ගිනි ගැනීමක්ම කෘතිමව හටගත් ගිනි බවටයි නයනක රන්වැල්ල සහ සජීව චාමිකර යන පරිසරවේදීන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222