- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකික සාත්තු සේවා රැකියා ලාභීන් 281 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටව ගොස් ඇති අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කර ගත් ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 520 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවී තිබෙනවා. මේ අතර, 2023.08.21 හා 22 යන දෙදින ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා පිටව යාමට නියමිත තවත් ශ්‍රි ලාංකිකයින් 15 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ…
ශ්‍රී ලංකාව ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . 19 වන ලෝක ඡායාරූප ශිල්පි දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා . ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියකු වන නික් වුට් ගේ වියට්නාම් යුද්ධය හා සබැඳි සුවිශේෂී ජයාරූප එකතුවක් ප්‍රදර්ශනය සඳහා එක් කර තිබුණා. ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රවීණ ඡායාරූප ශිල්පී නික් වුට් මහතා…
කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක එම සමුළුව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා . ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ දී නිදහස් පක්ෂ සංවත්සරය පැවැත්වීමට කටයුතු සුදානම් කරනු ලැබුවා . කෙසේවෙතත් මේ වන විට සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි අමාත්‍යවරුන් ඊට පුර්ණ සහයෝගය ලබාදී…
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් රචිත ‘කරඬු ඇත්තු’ නවකතාව ඉතාලියේ රෝම නගරයේ ට්‍රිසියානෝ සිනමා ශාලාවේ දී ජනගත කෙරිණි. එහි පැවති ‘වස්තු’ නමැති සාහිත්‍ය කලා උත්සවයේ දී මෙම කෘතියේ දොරට වැඩුම සිදු වූ අතර මෙම නවකතාවෙන් කාන්තාවක සිය පෙම්වතාට, සැමියාට දක්වන අසීමිත ආදරයක් ගැන හා එහි දී ඇය රැවටීමකට ලක් ව ඇති බව දැනගැනීමෙන් පසු ඇය මුහුණ දෙන සංකීර්ණතාවයන් පිළිබඳ වත් විවරණයක් සිදු කර ඇති අතර කතාවේ යටිපෙළින් දිවෙන්නේ දේශපාලන විමසුමකි. ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික පාඨකයන්ට අන්තර්ජාලය හරහා ‘අන්තර්ජාල යෙදුමක්’ මගින් මිල දී ගැනීමට හැකි වන මුල් ම කෘතිය ලෙසින් ද සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දුටු…
අධ්‍යාපනය සුරක්ෂා කිරීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම මෙරට ජනතාව වර්තමානයේ අනාරක්ෂිත රටක සිටින බව කුරුණෑගල බෝමළුව රජමහා විහාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියා.
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේනවා . රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා
චීනය තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තිය සම්බන්ධයෙන් මාසික දත්ත ලේඛණ නිකුත් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් දේශීව වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි කතාබහක් පවතී. විදෙස් මාධ්‍ය පැවසුවේ රැකියා වියුක්තිය ඉහළ යාම චීනයට දැඩි ගැටළුවක් වී ඇති බවයි. එ අනුව අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තිය පිළිබඳ දත්ත මුදා නොහරින බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යංශය නිවේදනය කළා. ජුනි මාසයේ දත්තවලට අනුව චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්ති අනුපාතය සියයට 21.3 ක්. චීන මාධ්‍ය වාර්තා කරන පරිදි එරට වයස අවුරුදු 16 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තවමත් අධ්‍යාපනය හදාරන සිසුන් මිලියන 65 ක් වනවා. එම සංඛ්‍යාව රැකියා වියුක්තිකයින්ගේ…
අක්‍රමිකතාවයට දායක වන සියලු ලංගම සේවකයන් කිසිදු දේශපාලන, පක්ෂ පාට භේදයකින් තොර සේවය අත්හිටුවා, පරීක්ෂණ අනුව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනදී මාධ්‍යවේදීන් ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීම පිලිබඳ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ලංගම වැටලීම් ඒකකය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා දිනපතාම මගින් විශාල පිරිසකට ප්‍රවේශ පත් ලබා නොදීමෙන් ලක්ෂ සියයකට අධික මුදලක් ආයතනයට අහිමි වන බව ද ඔහු සඳහන් කළා. ඒ අනුව මෙම අක්‍රමිකතාවය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර, එහි එක් පියවරක් ලෙස ලංගම හදිසි වැටලීම් ඒකකය…
අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන්නන්ට එම මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා . ඔහු සඳහන් කලේ ලබන වසර සඳහා ද ඉල්ලුම් පත්‍ර කැදවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා .
ශ්‍රි ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් මිලියන 1.6 ක් වෙනුවෙන් අහිමි වු අධ්‍යාපනය නැවත ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඇතුලු රජයේ මෙන්ම තවත් අංශවල දායකත්වය ඇතිව ආරම්භ කර තිබෙනවා. මේ අතර යුනිසෙෆ් සංවිධානය පවසන්නේ දිවයින පුරා සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් කොවිඩි සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අභියෝග රැසකට මුහුන දෙමින් සිටින බවයි. 3 වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85 ක් ගණනය කිරීම් සහ සාක්ෂරතාවය වැනි මුලික කුසලතාවන්හි අවම මට්ටම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222