- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200 ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 50 ක මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම වාරිකය එරට මහ බැංකුව වෙත පසුගිය 17 වනදා ලබා දීමටයි කටයුතු කර ඇත්තේ . 2021 වසරේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් ඔවුන් මෙම මාසය තුළ එම මුදලෙහි ගෙවීමට ඇති දෙවන වාරිකයද බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා . ඔහු මේ බව කියා සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් . වත්මන් ජනාධිපතිවරයා ගැළපෙන නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාව ඇති පුද්ගලයකු බවත් ඔහු මෙහිදී සඳහන් කළා. ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ විජිර අබේවර්ධන මහතා.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් ඇතුලත් කර තිබෙනවා.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේ කෝපා කමිටුව හමුවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කැදවීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර කෝප් කමිටුව හමුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැඳවා තිබෙනවා.
උතුරු කොරියාව නැවත චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන 24ත් 31ත් අතර කාලය තුළ මෙම චන්ද්‍රිකාව දියත් කරන බවට උතුරු කොරියාව විසින් ජපානයේ වෙරළ ආරක්ෂක බලකායට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙහිදී උතුරු කොරියාව ආසන්නයේ ඇමරිකාව විසින් වර්ධනය කර ගනු ලබන යුධ සැලසුම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා මෙම චන්ද්‍රිකාව නිපදවූ බව උතුරු කොරියාන සඳහන් කර තිබෙනවා. මැයි මාසයේදී ද උතුරු කොරියාව විසින් චන්ද්‍රිකාවක් දියත් කළ අතර, එය අසාර්ථක වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් තරගාවලියේ සංවිධායකයින් විසින් ඊයේ නිවේදනය කළා. ඒ අනුව ඩේවිඩ් වෝනර්, මාර්ක් වුඩ්, ශඩාබ් ඛාන් සහ අම්බති රයිදු වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද දෙවැනි අදියර වෙනුවෙන් ගිවිසුම් ගත වීමටයි පියවර ගෙන ඇත්තේ. වෝනර් හා වුඩ් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමග ද, ශඩාබ් ඛාන් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සමඟ ද ගිවිසුම්ගත වී තිබෙනවා. පාකිස්තාන ක්‍රීඩකයින් වන ශහීන් ශාහ් අෆ්රිඩි හා අසාම් ඛාන් ද වයිපර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ හා වනිදු හසරංග ද වයිපර්ස් සංචිතය සමග රදවා ගැනීමට මීට පෙර පියවර ගැණුනා. ඉන්දීය ක්‍රිකට්…
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 25 වැනිදා දක්වා දින 4ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග, සංචාරක කටයුතු පනත යටතේ ගැසට් නිවේදනයක පළ කර ඇති නියමයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර අද පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථවේ ප්‍රශ්න ඇසීම සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ශ්‍රී ලංකාව තව වසර දෙකක් යන විට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමට හෝ ප්‍රශ්න පත්‍රයක් සෑදීමටවත් මහාචාර්යවරයෙකු නොමැති රටක් වන බවත් , දරුවන්ගේ අනාගතය ගැන දෙමාපියන් බියට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගිය 19 වෙනිදා මාතර නූපේ සණස රංග ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිසා සමුළුවට එක්වෙමින්. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා. “රටේ නිදහස් සෞඛ්‍යය නිසා විශිෂ්ට ගණයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන ගිය, ලෝකයේම ගත්තම ඉතාම අඩු මුදලකින් වැඩිම හොඳ සෞඛ්‍ය සේවයක් තිබූ රටක් බවට අපි පත්වෙලා තිබුණා. දැන් ඒ තත්ත්වය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. දරුවන්ගේ අනාගතය…
චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University – BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව – 2023 (Global Smart Education Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය. චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණා. 2016 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සමුළුවේ තේමාව වන්නේ ‘අධ්‍යාපන පරිවර්තනය සහ දත්ත කළමනාකරණයයි’. එම තේමාවට අනුව 2023 වසරට අදාළ ව ආධ්‍යාපනික ඩිජිටල්කරණය සහ යාවජීව අධ්‍යාපනය, දත්ත පාලනය හා ඥාන ගවේෂණය, කෘත්‍රීම බුද්ධි හා අධ්‍යාපනික සොයාගැනීම් පාලනය වැනි විෂයන් පිළිබඳ මෙහි දී සාකච්ඡා විය.…
මොරගහකන්ද ජලාශයෙහි නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කදු 20 දින රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා. මෙම ගින්න 21 දින දහවල් වන විට විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් සම්පුූර්ණයෙන්ම දැවී අළු වී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා. මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය විශාල වශයෙන් පළල ගොස් ඇති අතර එහි පිහිටා ඇති දූපත් රැසක් මේ වනවිටත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගිනිගෙන විනාශ වී තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසනවා. මොරගහකන්ද ජලාශ නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ මෙම ගින්න හටගෙන තිබෙන අතර කවුරුන් විසින් ගිනි තැබුවේද යන්න නොදැකපු බව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222