- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
- ඇමෙරිකාවෙන් වෙනිසියුලානු බෝට්ටුවකට ප්‍රහාරයක්
- ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්
Author: VNews
පිරමීඩ ජාවාරම මෙහෙයවූ ආයතන හා පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් ලබා දීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍යවරයා පැවසුවේ පිරමීඩ යනු කිසිසේත්ම ව්‍යාපාරයක් නොවන බවත්, එය අපරාධයක්ම වන බවයි. එබැවින් පිරමීඩ ජාවාරමේ යෙදුණු ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවිමට හැකියාව පවතිනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මහ බැංකුව විසින් 1988 අංක 30 දරණ බැංකු පනත අනුව මෙම ජාවාරම තහනම් කළ බැවින් ඉන් අනතුරුව මේ සඳහා බලපානු ලබන්නේ අපරාධ නීතිය බවයි. ඒ අනුව…
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි . ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා. මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ…
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව යා කරමින් පාලමක් ඉදිකිරීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුමක් පවත්වා ජනතාවගේ කැමත්ත ලබා ගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. රාගම තේවත්ත ජාතික බැසිපිකාවේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ. එමෙන්ම විවිධ බලවේග වලට යටත් වෙමින් ගනු ලබන තීන්දු තීරණ හරහා රට විනාශය කරා ගෙන යෑමට කටයුතු කරමින් සිටින බවද කාදිනල් හිමිිපානණ් එහිදී සඳහන් කළා.
2024 අයවැය සඳහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය අද සිට ලබන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . මෙවර අයවැය යෝජනාව අභියෝගාත්මක වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු සහ ඒ ඒ අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවා .
අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් අනිද්දා සිට ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි. එම බස් සේවාව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහෝ දින තුළද ක්‍රියාත්මකයි. මේ අතර, මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.
විදේශ ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන අයවලුන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කුඩු රැජින දෝණි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන දැනට විදේශ ගතව සිටින ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන අයවලුන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කුඩු රැජින දෝණි නැමැති කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම අද සිට ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදෙනු ඇති. ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදු කිරීමට නියමිතයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් බී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඥඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වුනා. කෙසේ වෙතත් නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතා වැඩ භාර ගැනීමත් සමග මුදල් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවා . මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කල මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ…
මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද , හෙට සහ ලබන 31 යන දිනවල මෙලෙස පාසල් වසා දැමීමට තීරණය කර ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා සඳහන් කළේ. ඔහු පැවසුවේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි . පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් හිලව් සැසි පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවා. මේ අතර විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට දින දෙකක නිවාඩු ලබාදීමට අධ්‍යාපන…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුළු 6න් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 පහල කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 223ක්. එහිදී නේතන් සීලි ලකුණු 75ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ගරුක සංකේත් ලකුණු 48 කඩුළු 5ක් සහ දිනුර කළුපහන ලකුණු 45ට කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවරුදු 19න් පහල කණ්ඩායම පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබා…
එළඹෙන ආසියානු කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකත්වය හෂ්මතුල්ලාහ් ශහිදි හට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222