Author: VNews

එළඹෙන පාර්ලිමේන්තු සතිය තුල විදෙස් ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හට දැනුම් දී ඇති බව වාර්තා වනවා . මීලග පාර්ලිමේන්තු සතිය සැප්තැම්බර් 5, 6 ,7 සහ 8 යන දිනයන්හිදී පැවැත්වෙනවා . එම දිනයන් තුල සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන එයට අදාළ ඡන්ද විමසීමට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අදාළ දැනුම්දීම ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ .

තව කියවන්​න

අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් හෙට සිට ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි. එම බස් සේවාව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහෝ දින තුළද ක්‍රියාත්මකයි. මේ අතර, මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා අද දිනයේ සාකච්චාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ කිසිදු බාධාවකින් තොරව ජනතාවට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට මෙම සාකච්චාව පවත්වන බවයි . එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ඊයේ පෙරවරුවේ අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට කටයුතු කළා . ඒ සදහා රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ . මේ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා .

තව කියවන්​න

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයනය විසින් සඳ වෙත රොබෝ යානයක් යැවීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව මූන් ස්නයිපර්’ යන නමිනුයි මෙම යානය නම් කර ඇත්තේ . ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගනු ලබන්නේ වසර කිහිපයක සිටයි . 2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වුණා . අදාළ යානය ගුවන්ගත කරනු ලබන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරන බව ද එරට විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා .

තව කියවන්​න

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව මෙම තරගාවලිය යටතේ මෙරටදී පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ . එහිදී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුලත්ව තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර තරග 4ක් පාකිස්තානයේ දී පැවැත්වෙනවා . මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්න ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක හට ද එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ . මිට පෙර…

තව කියවන්​න

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද රාත්‍රී 07:15 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර ආරම්භ කිරීමට නියමිතයි. මෙම සිව්වන රන්දෝලි පෙරහර දළදා වීථිය , යටිනුවර විදිය ,හරස් විදිය ,ඊ .එල් සේනානායක විදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථිය ඔස්සේ පැමිණ ගෙවැදීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ . එමෙන්ම මෙවර මහනුවර ඇසළ මංගල්‍යයේ අවසාන රන්දෝලි මහා පෙරහර හෙට රාත්‍රියේ වීදි සංචාරය කරනු ලබනවා .

තව කියවන්​න

මාතර වෙරළ තීරයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. අද උදෑසන ඔහු සිය රාජකාරී ගිනිඅවිය භාවිත කරමින් වෙඩි තබාගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියාසිටියා. අදාළ පොලිස් නිලධාරියා මාතර දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීයෙකු බව සඳහන්. සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

තව කියවන්​න

මිනුවන්ගොඩ – බොර`ඵගොඩ වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකින් අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබෙනවා. අවුරුදු 11, 15 සහ 18 යන වයස්වල පසුවන මෙම මෙහෙණින් වහන්සේලා ඉකුත් 25 වන දා 32 හැවිරිදි කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවටයි මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත්තේ. මෙම මෙහෙණින් වහන්සේලා වේයන්ගොඩ කැන්දලන්ද ආරාමයේ වැඩවාසය කර ඇති අතර අධ්‍යාපන කටයුතු සදහා මිනුවන්ගොඩ බොර`ඵගොඩවත්ත ආරාමයට වැඩම කරන බවයි පොලිසිය කියා සිටියේ. එම ආරාමයට පැමිණ සිටි හාලිඇල ප්‍රදේශයේ කාන්තාවක් මෙහෙණින් වහන්සේලා තිදෙනා පසුගිය 25 වන දා නුවරඑළිය ප්‍රදේශයේ ඇගේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එම නිවස හිමි කාන්තාවට සිද්ධිය දැනුම් දීමෙන් පසුව ඇය…

තව කියවන්​න

අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 9 ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේදී සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදු කළ යුතු බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

තව කියවන්​න

මෙරට හීලෑ අලි ඇතුන් අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා. මේ හේතුවෙන් මහනුවර ඇසල පෙරහරට සම්බන්ධ වී සිටින අලි ඇතුන් විශේෂ පරීක්ෂණයකට ලක් කරන බවයි ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න