Author: VNews

උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා . පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති මහතා සඳහන් කළේ, වයස අවුරුදු 40 සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් පත්‍රිකාවක් යවා ඇති බවයි. ඒ අනුව යම් ග්‍රාම නිලධාරි කොට්ඨාශයක ස්ථිර පදිංචිය සහිත, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි, වයස අවුරුදු 40 ඉක්ම වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයදුම් කළ හැකි බව සඳහන් .

තව කියවන්​න

කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් අනතුරුව මිය ගියා යැයි පැවසෙන පුද්ගලයාගේ රුධිර සාම්පල සහ ශරීර කොටස් විදෙස් රටකට යවා පරීක්ෂණ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දීම සිදු කර ඇති බව සඳහන්. එම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතු`ඵ පිරිසක් එක්ව තිබෙනවා. වයස අවුරුදු 50 ක් වන අදාළ රෝගීයා කැපුම් තුවාල සහිතව වරකාපොල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ. එහිදි අදාළ ප්‍රතිජීවක එන්නත ලබාදීමෙන් අනතුරුව ඔහු මිය යාමෙන් පසුව සෑම රෝහලකම එම…

තව කියවන්​න

රජයේ නිල නිවසේ රැඳී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිල නිවසෙන් නෙරපා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවක් සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. විත්තිකරු අමාත්‍යධුරයෙන් ඉවත් වීමෙන් පසුවද නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නිවේදනයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ පිළිබදව සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීරණය ලබා දී ඇත්තේ.

තව කියවන්​න

ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. පසුගිය කාලය පුරාවටම රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බවයි ඒ මහතා කියා සිටියේ. එමෙන්ම මෙරට දත්ත වෙනත් රටකට ලැබෙන ලෙස සිදු කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් සඳහා තමන් එකඟ නොවන බවද ජනාධිපතිවරයාට දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තව කියවන්​න

ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . සෞරබ් චන්ද්‍රකාර් නම් පුද්ගලයා ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩේවුඩ් ඉබ්‍රාහිම් ගේ උපකාර සහිතව අන්තර්ජාලයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවයි ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ . ඉන්දියාවේ පැවැත්වූ මැතිවරණ සඳහා මෙන්ම ක්‍රිකට් , බැඩ්මිටන් , පෝකර් සහ පාපන්දු වැනි ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීමට මෙම වෙබ් අඩවිය උපයෝගී යොදා ගෙන තිබුණා . කෙසේ වෙතත් මෙරට බලධාරීන් විසින් ඔවුන් දෙදෙනාව ඉන්දියාවට පිටුවහල් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා .

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව ලබන වසරේ පෙබරවාරි මාසයේදී මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාලව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සදහා අනුමැතිය ලැබී ඇති බවද සඳහන්. මෙම සමුළුවට රටවල් 44 ක නියෝජිතයින් 2000 කට වැඩි පිරිසක් එක්වීමට ද නියමිතයි.

තව කියවන්​න

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් එරට ගුවන් ගමන් ප්‍රමාදයන් සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අගවනවා. මේ වන විටත් බොහෝ ගුවන් ගමන් වාර ප්‍රමාද වී ඇති බවයි බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් සදහා මෙම බාධාව සිදුව තිබෙනවා. දහස් ගණනක් ගුවන් මගීන්ට තම ගුවන් වාරය ආරම්භ කෙරෙන තුරු බලා සිටිමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තව කියවන්​න

රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් එළඹෙන සතියේ දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව මෙලෙස එම කාරක සභාව හමුවට කැදවීමට නියමිතව ඇත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනයි . ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් ලබන මස 5 වැනිදාත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන මස 6 වැනිදා සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන් ලබන මස 8 වැනිදා කෝප් කමිටුව හමුවට මෙලෙස කැදවනු ඇති . මෙම ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තා මගින් තොරතුරු අනාවරණය වී තිබීම හේතුවෙන් ඒවායේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව දීර්ඝව කරුණු…

තව කියවන්​න

රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කල හැක්කේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා . මාධ්‍ය වෙත ඊයේ දිනයේදී අදහස් පල කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ . මෙරට තුල හටගෙන ඇති අභියෝග ජය ගැනීම සදහා පමණක් වත්මන් ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කටයුතු කරමින් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ . කෙසේ වෙතත් රට පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

තව කියවන්​න

සමනළ වැව ජලාශයෙන් විදුලිය උත්පාදනය කිරීම අවසන් අදියරට පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට පසුගිය දිනවල ලබා දී ඇත්තේ සියයට 0.3 ක විදුලි ධාරිතාවයක් පමණයි. සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමෙන් පසු මේ වන විට එහි ජල පරිමාව මුහුදු මට්ටමේ සිට මීටර 424 යි දශම 5 දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ . එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 73හි සියයට 27 යි දශම 3ක් දක්වා ජල ධාරිතාවය මේ වනවිට පහත බැස තිබෙනවා.

තව කියවන්​න