- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
- ඇමෙරිකාවෙන් වෙනිසියුලානු බෝට්ටුවකට ප්‍රහාරයක්
- ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්
Author: VNews
පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කලේ. එහිදී තරගාවලියේ අවසන් මහා තරගය ඇතුලත්ව තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර තරග 4 ක් පාකිස්තානයේ දී පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. පාකිස්ථානයේ මුල්තාන්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු…
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි . ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය මේ.
නිකිණි පුන් පොහොය දිනය වෙනුවෙන් වී සාධු නාද පොහෝ දා වැඩසටහන මෙවර නාරාහේන්පිට, දාබරේ පටුමග ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට සජීවි ලෙස රැගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. උදෑසන 6 සිට 6.20 දක්වා අටසිල් සමාදන් කරවීමත්, උදෑසන 7 සිට 8 දක්වා හිමිදිරි ධර්ම දේශනාව ගෙන ඒමටත් සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර උදෑසන 8 සිට 10 දක්වා කාලය ජීවිතයට බුදු දහම ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කර තිබෙනවා. එමෙන්ම උදෑසන 11 සිට 11.30 දක්වා කාලය දහවල් සම්බුද්ධ පූජාව සදහා වෙන්කර ඇති අතර, දහවල් 2 සිට 3 දක්වා කාලය සද්ධර්ම දේශනාව සදහාත්, සවස 4 සිට 5…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වසර සදහා එල්.පී. ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට 50 ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්.පී.ගෑස් මෙට්ටි්‍රක් ටොන් දෙලක්ෂ අසූ දහසක් සපයා ගැනීම සදහා වන කාලීන කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිතයි. මේ වන විට 2024 – 2025 කාලසීමාව සදහා එල්.පී. ගෑස් සැපයීම සදහා ලංසු කැඳවා ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.
පොහොය දිනයක් වන හෙට දිනයේ රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම් දෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස රාජ්‍ය බැංකු විවෘත තැබෙන බවයි ඔහු සඳහන් කළේ. මේ අතර ඊයේ දින අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සදහා මුදල්, බැංකුවල තැන්පත් කිරීම සිදු කළා. ඒ අනුව හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරවන එම මුදල් ලබා ගැනීම සඳහා හැකියාව පවතිනවා.
පළාත් කිහිපයකට අද වර්ෂාපතනයක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලටත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි. මේ අතර ඌව පළතේ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පල කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පැමිණීමේ සහ වාස වීසා යන වර්ග 2 යටතේ නිකුත් කරන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව විදේශීය රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බවයි රජය පවසන්නේ.
දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා . අමාත්‍යවරයා පැවසුවේ සියලු ආගම් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. එමෙන්ම පුරාවිද්‍යාඥයින් සදහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ද බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථානගතකිරීම් සිදු කරමින් පුරාවිද්‍යාර්ථයින් හට නව අනාගතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ. මේ අතර සියවස් 2කට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. වර්ෂ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජ…
කැළණි ගගේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ තද වැසි පතිත වී ඇති බවට වාර්තා වනවා. ඒ අනුව ඊයේ දිනයේදී යටියන්තොට, තණකොලවත්ත, කිතුල්ගල, ගිනිගත්හේන, කලුගල සහ පොල්පිටිය සමනල ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට පැයක පමණ කාලයක් වර්ෂාව පතිත වී ඇති බවද වාර්තා වුණා. මාස කිහිපයක් පුරා මෙම ප්‍රදේශවල පැවති වියළි කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපයේදීම කැළණි ගගේ ජලධාරිතාව සීග්‍රයෙන් පහළ බැස තිබුණා.
අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනේ සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන සිල්මෑණියන් ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, එම සිල්මෑණියන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම ප්‍රධාන සිල්මෑණියන් මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාල ආරාමයේ වැඩවාසය කළ බාලවයස්කාර සිල්මෑණිවරුන් තිදෙනෙකුට සහ පැවදි වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාවකට බැණ තර්ජනය කිරීම අතු`ඵව පහරදීමේ චෝදනා කිහිපයක් මුල් කරගනිමින්. මේ වන විට සිවුරු හැරදමා ගොස් ඇති වයස අවුරුදු 12, 15 සහ 18 යන වයස්වල පසුවන ඔවුන් තිදෙනා සහ පැවදි වීමට අපේක්ෂාවෙන් ආරාමයේ සිටි 32 හැවිරිදි කාන්තාව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222