Author: VNews

ඉන්දියාවෙන් යළිත් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම තුළින් මෙරට දේශීය කර්මාන්තකරුවන්ට බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ රජය ඉන්දියානු කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීමට උත්සහ කරන බවයි.

තව කියවන්​න

විධායකය අධිකරණයට අභියෝග කරන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා චෝදනා කරනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් නියෝගවලට අවනත නොවීම තුළින් ඒ බව පැහැදිලි වන බවයි ඔහු පැවසුවේ.

තව කියවන්​න

මෙරට වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවන් මිය යාමට හේතුව අනාවරණය වී තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුහුදේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇති බවයි. අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී මේ බව අනාවරණය වී තිබෙනවා. තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සදහා පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීම හේතුවෙන් සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හට ගන්නට ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගිය 22 දා සිට මේ දක්වා මියගිය කැස්බෑවන් 25 දෙනෙකු පමණ බටහිර වෙරළ තීරයට ගොඩගසා තිබුණා.

තව කියවන්​න

කතරගම ගම් උදාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියෙකුත් සැකකරුවන් අතර සිටින බවද වාර්තා වනවා. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයින් පැනගොස් දිවි බේරාගෙන තිබෙනවා.

තව කියවන්​න

2023 මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැරේ අවසන් රන්දෝලී මහා පෙරහැර අද වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 07 පසුවී විනාඩි 03ක් ගත වූ පසු උතුරු දිශාමුඛව ආරම්භ වන පෙරහැර සිවු මහා දේවාල පෙරහැර කැටුව වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට වීත් ගෙවැදීමට නියමිතයි. මෙවර පෙරහැරේ කුඹල් පෙරහැර පසුගිය 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර, රන්දෝලි පෙරහැර පසුගිය 26 වැනිදා සිට ආරම්භ කරනු ලැබුවා.

තව කියවන්​න

බේරේ වැවේ ජලය පිරිසිදු කිරීම හා ජලයේ ගුණාත්මභාවය නඩත්තු කිරීම සඳහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා. ඒ අනුව බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් එම තත්ත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම සඳහා වන ව්‍යාපෘති ග්‍රෝපෝ ලංකා පුද්ගලික සමගම විසින් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ . මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධි තාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන කිරීමට නියමිතයි . මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය අදාළ රාජ්‍ය ආයතන වෙත දන්වා…

තව කියවන්​න

අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි. එම බස් සේවාව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ පසලොස්වක පොහෝ දින තුළද ක්‍රියාත්මකයි. මේ අතර, මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව අද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.

තව කියවන්​න

පොදු එකඟතාවයන් තුළින්, මගී ජනතාව අපහසුවට පත්වන වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ දුම්රිය දෙපාර්තමේන්තුවට අනුබද්ධව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති රැසක නියෝජිතයින්,සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. එය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුනා . දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ ඉදිරි කටයුතු සහ වෘත්තීය සමිතිවල යෝජනා පිළිබඳව මෙහිදී අදහස් රැසක් ඉදිරිපත් වුනා. එමෙන්ම විවිධ අංශ වලින් වාර්තා වන වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සැලකිල්ල යොමුකරමින් වාණිජ අංශය මගින් සිදු කරන සියලු බදු දීම් අද සිට තාවකාලිකව සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවයි…

තව කියවන්​න

අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් ලබාගැනීම සඳහා අද දීනයේදී  රාජ්‍ය බැංකු විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට තැන්පත් කිරීමටයි පසුගියදා  සිදු කරනු ලැබවේ. ඒ අනුව, ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර වන එම මුදල් ලබා ගැනීම සඳහා අද   පෝය දිනයේත් සියලු රාජ්‍ය බැංකු විවෘතව තැබෙනවා . මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ අද පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා සියලු බැංකු ශාඛා විවෘත බවයි. ඊට අදාල මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගියදා බැංකු වෙත නිකුත් කර තිබුණා.

තව කියවන්​න

වයඹදිග රුසියාවේ ස්කෝව් නගරයේ පිහිටි ගුවන් තොටුපොළකට යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයත් සමග ගුවන් තොටුපොළේ විශාල ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙහිදී ප්‍රහාරය හේතුවෙන් ගුවන් තොටුපොළේ නවතා තිබූ ගුවන් යානා 4ක් විනාශයට පත්ව තිබෙනවා. යුක්රේනය විසින් මෙතෙක් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවට ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න