Author: VNews

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඒ කන්කසන්තුරේ සහ කොළඹ අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්. මෙම දුම්රිය වේයන්ගොඩ සහ ගම්පහ අතර කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

තව කියවන්​න

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එම ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඉඩ නොතබා එක් නීති රාමුවක් යටතට ගෙනඑන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් එම වැඩපිළිවෙල ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින්  විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබදව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය මාධ්‍ය නිවේදනය මගින් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ  බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය අනුගාමිකයෙක් ලෙස චැනල් ෆෝ  නාලිකාව විසින් හඳුන්වා දීම නිවැරදි නොවන බවයි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු බවයි සිය නිවේදනය හරහා හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. එමෙන්ම 2015 වසරේ දී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව 2019 දී ජනාධිපති ධූරයට පත්වන තෙක්ම තමා සහ සුරේෂ්…

තව කියවන්​න

මෙරට ජනගහනයෙන් බහුතරයක්, එනම් සියයට 70 යි දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. සියයට 29 යි දශම 1 ක ප්‍රමාණයක් පසුගිය මාස 12 තුළ මධ්‍යසාර භාවිත කර ඇති අතර ඉන් සියයට 43 යි දශම 3 ක් පිරිමි පුද්ගලයින් සහ සියයට 2 යි දශම 8 ක් කාන්තාවන් වනවා. මධ්‍යසාර භාවිතය අඩු කිරීම සඳහා වඩාත් පොදු හේතුව වී ඇත්තේ මධ්‍යසාර මිල වැඩි වීමයි.

තව කියවන්​න

වරෙන්තුවක් ද සහිතව රියදුරු බලපත්‍රය ද නොමතිව බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට රුපියල් 75,000 ක දඩයක් නියම කොට බරපතළ වැඩ සහිතව මාස දෙකක සිර දඬුවමක් ද ගම්පොල මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කර තිබෙනවා. මෙසේ දඩ හා සිර දඬුවම් නියම වූයේ ගම්පොල නුවර පාරේ අංක 12 ස්ථානයේ පදිංචි මෙරිඤ්ඤගේ මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමැති අයටයි. නවලපිටිය ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුද වන මොහු මෙවර ද ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. ඔහු ගඟ ඉහළ කෝරළේ උලපනේ වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයා ලෙස සිටිමින් ඡන්ද අපේක්ෂයකු වීම…

තව කියවන්​න

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව ලබන 16 වන දින දක්වා නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා . විභාග දෙපාර්තමේන්තුවට අයත් අඅඅගාදැබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා . මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා .

තව කියවන්​න

21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සදහා විදෙස් රටවල්වලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ඉදිරි සති 2 තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබද නව කොමිසමට ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබාගත හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. එමෙන්ම ඉදිරියේදී අවම වශයෙන් නව විශ්ව විද්‍යාල 10 ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන බවත් ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව ආදි රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබාදෙන බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්…

තව කියවන්​න

කෘතිම බුද්ධිය, ස්මාට් නගර සහ මූල්‍ය තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කෙරෙන තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයට උත්ප්‍රේරකයක් සැකසීම යන තේමාව යටතේ වෘත්තිකයන් 500 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් එළඹෙන නොවැම්බර් මස 16 වන දා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන බවයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා සඳහන් කළේ.

තව කියවන්​න

මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. එම රාජ්‍යයේ මෙරට තානාපති කලීඩ් අල් අමීර් කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේදි ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ කෝපි වගාව පුළුල් කරමින්  මෙරට කෝපි, ලොව හොදම සන්නාමය ලෙස පත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් එරට තානාපතිවරයා සහතික වී තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරග 5ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න