Author: VNews

සූඩානයේ අගනුවර ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 60 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පසුගිය අප්‍රේල් මාසයේ සිට සූඩානයේ හමුදාව සහ අතුරු හමුදා කණ්ඩායමක් අතර බල අරගල ගැටුමක් ආරම්භ වූ අතර, එහි ප්‍රතිඵගයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්. මෙහිදී මෙම වෙළඳ සංකීර්ණයට හමුදා ගුවන් යානයකින් බොම්බ හෙලූ බවට ප්‍රදේශවාසීන් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් දැනුම් දීමට දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව අදාල පැමිණිලි 1905 යන කෙටි දුරකථන අංකයට ඉදිරිපත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.

තව කියවන්​න

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 79ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 34ට සීමා කිරීමටයි කටයුතු කළේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමික පන්දුවාර 34 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 226ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 147ක් පමණයිත

තව කියවන්​න

ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් තීරණය කළා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර, පන්දුවාර 24යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. අනතුරුව පැය කිහිපයක් ක්‍රීඩාංගන සේවකයින් විසින් ක්‍රීඩාංගනය තරගය ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයකට පත් කිරීමට උත්සාහ දැරූ නමුත්, රාත්‍රී 8.30 ට පමණ යළි වර්ෂාව ඇද හැලීම…

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහා අද පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට පියවර ගෙන තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමත් සමග පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර මෙම ගැටලු විසදා ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතු බවට පක්ෂ සාමාජිකයන්ට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම මෙහිදී ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයක් සදහා මුහුණ දීමේ ක්‍රියාමාර්ග පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිතයි. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කරනු ලබන්නේ නැවතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පමණක් බව කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති…

තව කියවන්​න

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ලවීම් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා. පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවය එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා සඳහන් කළේ. මෙමගින් පාර්ලිමේන්තුවේ කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බවද වාර්තා වනවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට සත්කාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(09) සමත් වූවා. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 30.2කදී ශ්‍රී ලංකා කාන්තා කරණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ලකුණු 106කට දවා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් ලකුණු 35ක් ලබාගැනීම හර්ෂිතා සමරවික්‍රම සමත් වූ අතර චමරි අතපත්තු සහ හසිනි…

තව කියවන්​න

වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි මැතිවරණ කාල සටහන වෙනස් කල නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව ක්‍රියා කරන ඇතැම් වමේ දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකයා පවා නම කර ඇති බවයි. කොළඹදී පවතී සමුළුවකට එක වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා. මේ අතර පසුගියදා පවතී ජන හමුවකදී ජාතික ජන බලවේගයේ විධායක කාරක සභික කේ .ඩි ලාල්කාන්ත මහතා සඳහන් කලේ බොහෝ පිරිසකගේ හිත සුව පිණිස තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ නම කල් තියා ප්‍රකාශයට පත් කල බවයි.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අය සමබන්ධයෙන් තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුව බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා . මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව අවධාරණය කළා .

තව කියවන්​න

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දැක තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 වැඩසටහනේ චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා . එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ කරුණු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ .

තව කියවන්​න