- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
Author: VNews
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ 076 – 545 345 4 වට්ස් ඇප් දුරකථනය අංකය ඔස්සේ ඒ පිළිබදව දැනුම් දිමට හැකි අතර අදාල සිදුවීම් පිළිබදව වීඩියෝ දර්ශන ඇත්නම් අදාල දුරකථන අංකයට යොමු කරන ලෙසයි. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ. ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඔහු නේපාලයේ සිට කටුනායකට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු සේනාධීරගේ කරුණාරත්න යන නමකින් පෙනී සිට තිබෙනවා. ආගමන විගමන නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමන් ගණේමුල්ලේ සංජීව බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනජරි මහත්මිය හමුවී තිබෙනවා. ජනාධිපතිවරයාගේ කියුබානු සංචාරය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. ඉන්දියාවේ විපක්ෂ සංධානයකට නායකත්වය ලබා දීමට සුදානමක් පවතින්නේදැයි මෙහිදී ජනාධිපතිවරයා මමතා බැනජරි මහත්මියගෙන් විමසා සිටියා. එම තීරණය ජනතාව මත රදා පවතින බවයි ඇය සඳහන් කර ඇත්තේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරයක් සදහා ඊයේ අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණා. ජී 77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේ භවානා නුවරදී හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අද සිට ආරම්භවනවා. ඒ සඳහා එක්වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා. අදාළ ණය සමාලෝචනය අද සිට ලබන 24 වනදා පැවැත්වෙනු ඇති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අදාළ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සමාලෝචනය පිළිබද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙලෙස අදහස් පලකළා.
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකුලව අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබුවේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නිතියක් ගෙනඒමේ අරමුණින් බව ද අලි සබ්රි මහතා පෙන්වා දෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළා.
ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයවට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 18,000ත් 20,000ත් අතර අගයක් විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙන බව එරට ඩර්නා හී නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සිරුරු 3,840ක් සොයාගෙන ඇති අතර, එයින් පුද්ගයන් 3,190 දෙනෙකුගේ සිරුරු භූමදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර විදේශිකයන් 400ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන මෙම තරගයට වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ශුද්ධ ලකුණු වේගය අනුව පාකිස්තානයට වඩා ඉදිරියෙන් පසුවන බැවින් ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.
සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව දුම්රිය ධාවනය අද දහවල් වනවිට යථාවත් වනු ඇති බවද ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසනවා. මේ අතර රටේ පොදු ජනතාවගේ එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීම සදහා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු රාජ්‍ය වියදම් පිළිබද කැබිනට් අනුකාරක සභ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල…
ලිබියාවේ ඩර්නා නගරයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා. එම නගරයේ ප්‍රාදේශීය අමාත්‍යවරයෙකු සදහන් කර ඇත්තේ එම සංඛ්‍යාව දෙගුණ විය හැකි බවයි. ලිබියාවට ඇදහැලුණු අධික වර්ෂාවෙන් ඩර්නා නගරයේ වේලි දෙකක් කඩා වැටීමෙන් මේ වන විටත් එම ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ වන විටත් 10,000 කට අධික පිරිසක් තවමත් අතුරුදන් වී ඇති බවටයි වාර්තා වන්නේ.
ලබන වසරේ සිට ඉන්ධන මිළ දිනපතා වෙනස්වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දෛනිකව ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බවයි. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව විජේසේකර මහතා කියා සිටිනවා. එහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව පවතින නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු හා ලිහිසි තෙල් අලෙවිය සම්බන්ධයෙන් දැනුවත් කෙරුණා. සියලුම ඉන්ධන හල් සඳහා ස්වයංක්‍රීය පොම්ප මෙන්ම තොග ලබා ගැනීමේ උපකරණ සවි කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී දෛනික ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනයට ගෙන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222