- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
Author: VNews
දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස කහ වර්ණයෙන් යුතු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයටත් අදාළව එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා ද මෙම කහ පැවති වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති විලෝදිමියර් සෙලෙන්ස්කි අතර හමුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. රුසියාවට එරෙහිව පැවැත්වෙන යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැම්වීමට සහභාගී වීම සදහා යුක්රේන ජනාධිපතිවරයා ලබන සතියේ ඇමරිකාවට පැමිණෙන අතර, එහිදී ධවල මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී රුසියාවට එරෙහිව යුධ වැදීම සදහා ආයුධ සහ අධාර ලබා දෙන ලෙස යුක්රේන ජනාධිපති විලෝදිමියර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා 11 වැනි වරටත් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පළමුව එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කෙරුණු අතර, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරවාරයේ දී ද තරගයට වර්ෂාවෙන් යළි බාධා එල්ල වීම නිසා ඉනිමක් පන්දුවාර 42 කට සීමා කෙරුණා. ඒ අනුව නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබෙනවා. හරක් කටා මෙසේ රෝහල් ගත කර ඇත්තේ හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පසුගිය දා හරක් කටා පොලිස් නිළධාරීයෙක්ගේ ගිනි අවියක් පැහැර ගෙන පලා යාමට තැත් කිරීමේදී ඇතිවු ගැටුම නිසා තුවාල ලබා තිබුණා.
සමාජ මාධ්‍යයේ සැරිසරන හඬ පටවල සඳහන් පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ එවන් රෝගයක් පැතිර යන්නේ නම් ඒ පිළිබද ප්‍රථමයෙන් තම රෝහලට වාර්තා වන බවයි. අදට යෙදී තිබෙන ලෝක එක්සීමා දිනය හෙවත් චර්ම ප්‍රදාහ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර , රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වැසි වාර කිපයක් ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලෝක එග්සිමා දිනය නොහොත් චර්ම ප්‍රදාහය දිනය අදට යෙදී තිබෙනවා. ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත් වුනා. එහිදී අදහස් දැක්වූ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවික්‍රම මහත්මිය සඳහන් කලේ වර්තමානයේ ජනතාව අතර පවතින මානසික ආතතිය හේතුවෙන් සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.
මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ දියුණු තාක්ෂණය භාවිත කරමින් නූතන ලෝකයට ගැලපෙන ලෙස මිනුවන්ගොඩ නගරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි. මිනුවන්ගොඩ නගර සංවර්ධනය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරීයේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස් කරන බවයි. නගරය සංවර්ධනය කිරීමේදී නගරයේ පිහිටි කුඹුරු ඉඩම් ඇතුළු ස්වාභාවික පරිසරයට හානියක් නොවන ලෙස සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ. මිනුවන්ගොඩ නගරය…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නීතිවිරෝධීව ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයා බන්ධනාගාරගත කර ඇත්තේ. නිශාන්ත මුතුහෙට්ටිගම මහතාව ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ නිෂ්පාදන ආයතනයක ගබඩාවේ ගබඩා කර තිබු කසල තේ තොගයක් සොරකම් කල සැකකරුවන් හත්දෙනෙකු ආගරපතන පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තේ කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු, තේ නිෂ්පාදන ආයතනයේ අධික්ෂණ නිලධාරියෙකු,කම්කරුවන් දෙදෙනෙකු, කසල තේ ප්‍රවාහනය කල ලොරි රථයේ අයිතිකරු සහ රියදුරු අත්අඩංගුවට ගත් බවයි ආගරපතන පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එච්.පාලිත නන්දසිරි මහතා කියා සිටියේ. ඊයේ දින තේ කර්මාන්ත ශාලාවේ කසල තේ ගබඩා අංගණයේ කසල තේ කිලෝ 1500 ක් අස්ථානගත වි ඇති බවට එම තේ නිෂ්පාදන ආයතනයේ පාලන අධිකාරිය විසින් ආගරපතන පොලිසියට කල පැමිණිල්ලක් මත ආගරපතන පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222