Author: VNews
මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 343ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම සියලු පැමිණිලි වාර්තා වී ඇත්තේ, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි වාර්තා වී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. ගෙවුණු පැය 24 තුළදී පමණක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 53ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කිසිදු බලපෑමකින් තොරව රාජකාරී සිදුකිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට නිර්මාණය වී ඇති බව වැඩබලන පොලිස්පති , ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා. මැතිවරණ නීති ක්‍රියාත්මක කිරිමේදී පොලිසියට පැවරෙන වගකීම පිළිබදව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණගැනීම සදහා උපායමාර්ගික කමිටුවක් පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට මෙම තීරණය ගත් බවයි.
ජනාධිපතිවරණයේ සිදුවු පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ලැබු දේශපාලන පසුබෑම පිළිබද පසුවිමරමක් සිදුකරන බවයි. රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයාට උපරිම සහය ලබා දෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කළා.
ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි අයවැය මගින් සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන ජන රැළි මාලාවේ පළමු ජන රැළියට තංගල්ල නගරයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටින පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ පූර්ණ දායකත්වයෙන් ඊයේ සහ අද සිදුකළා අද දානමය පුණ්‍ය කර්මය සඳහා ස්වාමීන් වහන්සේලා සියක් නමක් වැඩම කර සිටියා මෙම දානමය පුණ්‍ය කර්මය සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් හා මල්වතු පාර්ශ්වයේ අ නු නායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් හා එම පාර්ශ්වයේම අනු නායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඇතුළු උභය මහා විහාරීය මහා සංඝරත්නය වැඩම කර සිටියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුළු ඥාති හිතවතුන්…
ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Car Nicobar class වර්ගයට අයත් “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් මීටර් හතලිස් නමයක් (49) හා නැව් මුළුව හැත්තෑදෙනෙකුගෙන් (70) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Lieutenant Commander Jonathan Sunil S Kothari කටයුතු කරනු ලබයි. තවද, “Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, නිළ සංචාරය අවසන් කරමින් 2024 ඔක්තෝබර් මස 28 වන දින එම යාත්‍රාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි , පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී පියවර ගෙන තිබේ . මෙම සැක කටයුතු විදේශිකයන් දෙදෙනා පෙනුමෙන් චීන ජාතිකයන්ගේ හැඩහුරුකමින් යුතු වූ අතර ඔවුන් සන්තකයෙහි වූ චීන ජාතික ගමන් බලපත්‍ර තුළ ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ගමක නමක් සදහන් වී ඇති අතර , මීට අමතරව කාම්බෝජ සහ තුර්කි ජාතික , සත්‍ය ගමන් බලපත්‍ර ද ( Genuine Passport ) ඔවුන් සතුව තිබී ඇත . චීන රජයේ නීතිය අනුව…
බෝම්බ බියක් පිළිබඳ තොරතුරු නිසා පරීක්ෂාවට ලක් කළ ඉන්දීය ගුවන් යානයේ එවැනි තර්ජනයක් නොමැති බව කටුනායක ගුවන් තොටුපළ නිවේදනයක් මගින් තහවුරු කළා. ඒ මෙරටට පැමිණි ඉන්දීය ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද නිර්නාමික ඇමතුම සම්බන්ධයෙන් සිදුකළ දැඩි පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිසේරියාහි පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ගනිමින් ලෙබනනයේ සිට අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සිද්ධිය වන අවස්ථාවේ අගමැතිවරයා හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් නිවසේ නොසිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය එදිනට ආරම්භයක් ලෙස ධාවනයට සූදානම් කර ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222