Author: VNews

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කළ පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා. එම අවස්ථාවේ දී සැකකරු සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ නිවසේ සඟවා තිබූ මත්පෙති 1,080ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මර්සියා නගරයේ රාත්‍රී සමාජශාලා තුනක හටගත් ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර උපන්දිනය සමරමින් සිටි පවුලක සාමාජිකයන්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ජීවිතක්ෂයට පත්වූ සියලු පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබුණද තවත් පුද්ගලයන් 14 දෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති බවද එම මාධ්‍ය වාර්තා වල සදහන් කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

දකුණු උරහිසෙහි සුළු ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා නිකුත් වී තිබෙනවා. පසුගිය 29 වැනිදා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දී යි කුසල් සුළු ආබාධයකට ලක් වුණේ. අනතුරුව ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බවයි. ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනවා. ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් පුහුණු තරගය හෙට දිනයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර්…

තව කියවන්​න

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ අළුතින් ආරම්භ කිරීමට යන මත්පැන් අලෙවි සැලට අවසර ලබා නොදෙන ලෙස යාපනය දිසිත්‍රික් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියදී කමිටුව එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයකට එළඹෙන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා. කිහිප දෙනෙකු ඔවුන්ගේ අභිමතය පරිදි යාපනයේ අළුතෙන් මත්පැන් ශාලා තුනක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දුන් බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එය ඉතා ඉක්මනින්ම සිදු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා කඩිනමින් දිනයක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටීමටයි මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සම්පත් සියල්ල විකුණා දමමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු සදහන් කලේ මේ තුලින් රටේ ආර්ථිකය තවදුරටත් බිද වැටෙන බවයි . මාවනැල්ල ආසන සමුළුව ට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවා .

තව කියවන්​න

ඔක්තෝබර් මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය ලබන 4 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පසුගිය මාසයේ ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවද ලිට්‍රෝ සමාගම සදහන් කළා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි. එමෙන්ම දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාර්්‍යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ. මේ අතර දිස්ත්‍රික්ක 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා . ගාල්ල , මාතර , කෑගල්ල , රත්නපුර , මහනුවර , කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය…

තව කියවන්​න

ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී අද පෙරවරු 9.00 ට පැවැත්වෙනවා. ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කරන බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ. එම සතිය තුලදී ප්‍රතිලාභීන් 500 දෙනකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිත බව අමාත්‍යවරයා සදහන් කළා. 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා . 1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකා රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම සිය වාර්ෂික සැසිවාරයේ දී වාර්ෂිකව ලෝක ජනාවාස…

තව කියවන්​න

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් දක්වා රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා. මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351ක් වනවා. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව වන්නේ රුපියල් 421ක්. මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන…

තව කියවන්​න

අවුරුදු 3 ක් වයසැති තම දරුවාගේ මුඛය පිළිස්සීමේ චෝදනා මත මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මව විසින් ගිනිකූරක් දල්වා  දරුවාගේ  මුඛයට දමා පුලුස්සා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක්. සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අත්අඩංගුවට පත් මව සඳහන්  කර ඇත්තේ  දරුවා අසභ්‍ය වචන කතා කිරීම නවතා බිය ගැන්වීම සඳහා මෙය සිදු කළ බවයි.

තව කියවන්​න