Author: VNews

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 ක් දක්වා අඩු කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 ක් දක්වා පදනම් අංක සියයකින් අඩු කර තිබෙනවා.

තව කියවන්​න

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන්  බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. අයැදුම්පත් ප්‍රමාණය පරීක්ෂා කර විශ්වවිද්‍යාල ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුම්දීමක් ඉදිරියේදී සිදු කරන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා. මෙවර සිසුන් 45,000 ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

බ්‍රිතාන්‍යයේ තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම වසරකින් ඉහළ දැමීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව 2040 වන විට තරුණ ප්‍රජාව අතර දුම්පානය කඩිනමින් නතර කිරීමට හැකි වනු ඇති බව සඳහන්. දුම්පානය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහා සෑම වසරකම පවුම් බිලියන 17ක් වැය වන බව වාර්තා වේ.

තව කියවන්​න

රු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත (05) දින දැනුම් දි තිබෙනවා. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ වලට අමතරව එම පැමිණිලි සම්බන්ධව පොලිස් මුලස්ථානයේ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත විද්‍යුත් පණිවිඩ යොමු කරමින් එම නියෝගය ලබා දි තිබුණා. මේ අනුව දේපල සොරකම් කිරිම , බලෙන් ලබා ගැනිම , කොල්ලකැම , සාපරාදි සාවද්‍ය පරිහරණය , සාපරාදි විශ්වාසය කඩකිරිම , වංචා කිරිම , අනර්තය ඒ සහ සම්බන්ධ ලැබි ඇති…

තව කියවන්​න

අවාරය හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රි පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවා. මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (05) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකල බවත්, වර්තමානයේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ බවයි. තමන්නේ අවසර ලබාගෙන…

තව කියවන්​න

ඉන්දියාවේ සික්මි ප්‍රාන්තයට බලපා ඇති දැඩි වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පුද්ගලයන් 82 දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ගංවතුර තත්ත්වයත් සමක සික්මි ප්‍රාන්තයේ පාලම් 14ක් කඩා වැටී තිබෙන අතර, ඒ හේතුවෙන් සංචාරකයන් 3,000කට වැඩි පිරිසක් අතරමංව සිටින බවද විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. මේ අතර අතුරුදන් වූ හමුදා භටයන් 23දෙනාගෙන් එක් හමුදා භටයෙකු සොයා ගෙන තිබෙන අතර, අනෙකුත් හමුදා භටයන් සොයා මෙහෙයුම් සිදු කරන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා. තරගාවලිය සදහා රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර, ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ සත්කාරකත්වය දරනවා. ඉන්දියාවේ ක්‍රීඩාංගන 10 කදී දින 46 ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්. මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 9 සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලබනවා. තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී අද…

තව කියවන්​න

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබෙනවා. එමෙන්ම අද රාජකාරි කිරීමට නියමිත සියලුම උප නියාමකවරුන් දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි ඔහු දන්වා ඇත්තේ. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් දුම්රිය මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා. එම සාකච්ඡාව සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නියාමකවරුන් ද එක්ව ඇති බව සදහන්. මේ අතර දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේත් දුම්රිය කිහිපයක් අවලංගු වී තිබෙනවා. ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක් ද අවලංගු වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර…

තව කියවන්​න

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවයි. කිසියම් පාර්ශවයකට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ නම් එය සිදුකිරීම පිළිබද තම පක්ෂයේ විරුද්ධත්වයක් නොමැති බව ද සාගර කාරියවසම් මහතා සදහන් කළා. මේ අතර නව දැක්මක් සහිත නායකයෙකු රටට අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා පැවසුවේ ජනතාව සැමවිටම සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ යුතු බවයි.

තව කියවන්​න

ලෝක ගුරු දිනය අදට යෙදී තිබෙනවා. ජාත්‍යන්තරව ලෝක ගුරු දිනය ඔක්තෝබර් මස 05 වනදා සැමරුවද ශ්‍රී ලංකාවේ ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 06 වනදායි. මේ ලෝක ගුරු දිනය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.

තව කියවන්​න