Author: VNews
ලොකයේ අඩුම කාලයකින් බංකොලොත් වූ රටක් ගොඩනැගූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති පුද්ගලයෙකුට බලය ලබාදීමෙන් ලබාගත් දුෂ්කර අත්දැකීම යම් කිසි පුද්ගලයෙකුගේ මතකයේ ඇත්නම් නැවතත් එවැනි පත්කිරීමකට කටයුතු නොකරනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඪදසජැ ක්‍මඑ – හරීන් ප්‍රනාන්දු මේ අතර බලයක් නොමැති වුවද රටක් ගොඩනැගීමට තමන්ට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විවිධ සිහින මවමින් ජනතාව මුලාවට පත්කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසයි ඒ මහතා ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ. ඪදසජැ ක්‍මඑ – සජිත් ජනාධිපතිවරයාට රටේ සම්පත් විකිණීමට කිසිදු බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
කිලිනොච්චිය,පොන්නගර් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසූවේ ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය,පොන්නගර් ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කැපුම් තුවාල සිදුකොට පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබි ඝාතනය වෙනුවෙන් පැමිණිමට භාවිතා කළ යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් කැපුම් තුවාල සිදුකොට ඝාතනයට ලක්කර තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37,32,25 ,22 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේ සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ අනුව හෙට , අනිද්දා සහ 15 යන තෙදින තුල අදාල සම්මුඛ පරීක්ෂණ කටයුතු පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. ඒ සඳහා වන කැඳවීම් ලිපි මේ වනවිටත් යොමු කර ඇති අතර අදාළ සම්මුඛ් පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි නොලැබුණු අයදුම් කළ අයදුම්කරුවන්ට අමාත්‍යංශ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි. එමෙන්ම අදාළ සම්මුඛ පරීක්ෂණය රැගෙන ආ යුතු ලිපි ලේඛන සම්බන්ධයෙන් වූ තොරතුරු ද නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවයි ජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන…
ගාසා තීරයේ ජනතාවට ආහාර සැපයීම සඳහා වූ නෞකාවක්අද අලුයම සයිප්‍රසයේ වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා. සාගතයෙන් පීඩා විඳින ජනතාවට ආහාර සැපයීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක අතර මෙහිදී ආහාර ටොන් 200 කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. රැගෙන යන අඟහරුවාදා අලුයම ඕපන් ආර්ම්ස් නමැති අදාළ පුණ්‍යායතන නෞකාව තුළ ජනතාවට අවශ්‍ය පිටි, සහල් සහ ප්‍රෝටීන් අඩංගු ආහාර අඩංගු වී ඇති බවට සඳහන්.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ, ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ – International Conference on Climate Change and Natural Resources Management for Sustainable Development (ICNS-2024) සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි.
2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා පරාටේ ක්‍රියාත්මක කිරීමේ නීතිය තාවකාලිකව නවතා දැමීමට නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා. ඒ අනුව එය ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.
ඉන්දියාවේ ගාසිපුර් හි බස් රථයක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් එම බස් රථය ගිනි ගැනීමට ලක් ව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 30කට අධික පිරිසක් ගමන් කර අහි බව සඳහන්. මෙම බසය මතට වෝල්ට් 11,000ක විදුලි රැහැනක් කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බස් රථය ගිනි ගැනීම නිසා පිටතට පැමිණීමට නොහැකිව එහි සිර වූ පිරිස පිළිස්සී මිය ගොස් ඇති බවයි.
කිරිපිටි කිලෝවක මිල අඩු කිරීම ම්කෙරෙහි රජයේ අවදානය යොමු වී තිබෙනවා. මේ අනුව කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ. මේ අනුව එළඹෙන සිකුරාදා සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බව ද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කර තිබේ. මෙම පත්වීම 2024 පෙබරවාරි 29 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222