Author: VNews
පාසල් සිසුවියක් අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නානුඔය පොලිසිය විසින් අවු 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව චුදිත වසර 10 ක බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා නියෝග කර තිබෙනවා. මෙසේ වසර දහයක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම වුයේ නානුඔය ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් සලිඩ් (52) නැමති අයටයි. චුදිත 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ අවු 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සිසුවියගේ දෙමව්පියන් විසින් නානුඔය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. මේ අනුව වසර 13ක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව ලැබි තිබු සාක්ෂි මත මහාධිකරණ විනිසුරුවරයා විසින්…
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් 03/13 දින එම අමාත්‍යාංශයේ දී පත් කර තිබේ . මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චචන්ද්‍ර මහතා ද සහභාගී වී සිටියේය . එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගිකාඅධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධි හිමි කර ගෙන තිබේ . මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආරක්ෂක විශ්ව විද්‍යාල වලට වැඩිදුර…
ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා . අශෝක තිලකරත්න මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව සදහන් . මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසු වුණා . ඒ මහතා මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරා වනවා .
මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 07ක් සහ මත්පෙති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම මත්පෙති නිෂ්පාදනය සඳහා භාවිත කරන යන්ත්‍රයක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා . ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි . දින ගණනක් තිස්සේ තවමත් රට තුළ පවතින්නේ උණුසුම අධික කාලගුණ තත්ත්වය ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .
ගොවි සංවිධාන විසින් කුඩා වැව් වෙන්දේසි කර බද්දට දී ඇති බව අනාවරණය වනවා . ගම් ප්‍රදේශවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් රැසක නඩත්තු කටයුතු ගොවි සංවිධාන විසින් සිදු කරන අතර, එම වැව්වල මත්ස්‍යයන් බෝ කිරීම ඇතුළු කටයුතු සිදු කරනු ලබන්නේද ගොවි සංවිධාන විසින් . ඒ අනුව මසුන් ඇල්ලීම, මල් කැඩීම ඇතුළු කටයුතු සඳහා වැව් බදු පවතිනු ඇති බව සදහන්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය තව සුළු වේලාවකින් චිතගොංහිදී ආරම්භවීමට .නියමිතයි එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත වනවා . ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
කුකුළු මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් කුකුළු මස් නිෂ්පාදකයන් අඩු මිලක් ඉදිරිපත් කරද්දී, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි මිලක් ගණනය කර ඇති බවට වාර්තාවනවා . අලුත් අවුරුදු සමයට පාරිභෝගික ජනතාවට කුකුළු මස් හිඟයකින් තොරව සැපයීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා කුකුළු මස් නිෂ්පාදකයන් අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා . එහිදී කුකුළු මස් නිෂ්පාදකයන් කියා සිටියේ උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට හැකි බවයි. එමෙන්ම හිඟයකින් තොරව වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමට හැකි බවයි .
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසැල් ළමුන් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. සිසුන්ගේ පෞද්ගලික පෙර සූදානම යටතේ නිර්දේශ ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ සිසුවියන් බඳ පටි පැළඳීම හැකිතාක් අවම කළ යුතු බවයි. අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතු බවට දන්වා තිබෙනවා. අධික හිරු එළිය සහිත පරිසරයේදී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කළ යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ. මෙම නිර්දේශ මාලාව යටතේ අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ සහ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීම තවදුරටත් වළක්වා තිබෙනවා.
මෙරට ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව ව්‍යාප්ත වන දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ක්ෂණික කොළ මැළවීමේ රෝගය හා සෙමින් කොළ මැළවීමේ රෝගය යන දිලීර රෝග දෙක ගම්මිරිස් වගාවන්වල දක්නට ලැබෙන බවයි කෘෂි නිලධාරීන් පවසන්නේ. ගම්මිරිස් වැල්වල මුල් පද්ධතිය ආශ්‍රිතව දිලීරය හට ගැනීම හේතුවෙන් මුල් කුණුවීම අවශ්‍ය නිසි ජලය හා පෝෂණය නොලැබී ගොස් ගම්මිරිස් වැල්වල කොළ මැලවී අවසානයේ වැල මුළුමනින්ම මැරී යාමේ තත්ත්වයක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222